දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සාහයන් නොතකා, උතුරු කොරියාව අද (බදාදා) අලුයම යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
දකුණු කොරියානු හමුදා ප්‍රකාශ කළේ පියොන්ග්යෑන්ග් සහ වොන්සාන් ප්‍රදේශවලින් නැගෙනහිර මුහුද දෙසට මෙම මිසයිල එල්ල කර ඇති බවයි. පෙ.ව. 8:50 ට පමණ එල්ල කළ මෙම මිසයිල කිලෝමීටර් 240 ක් පමණ දුරක් පියාසර කර ඇති අතර, ඒවා කෙටි දුර විහිදෙන බැලස්ටික් මිසයිල බව පසුව තහවුරු විය. ජපාන වෙරළාරක්ෂක බලකාය ද මේ පිළිබඳව නෞකා වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු ජනාධිපති ලී, උතුරු කොරියාවට ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානා යැවීම දැඩි ලෙස විවේචනය කළේය. පසුගිය ජනවාරි මාසයේදී සිදුවූ එවැනි ඩ්‍රෝන ආක්‍රමණ සම්බන්ධයෙන් සඳුදා දිනයේදී ඔහු සිය කණගාටුව පළ කළ අතර එය "වගකීම් විරහිත" ක්‍රියාවක් ලෙස හැඳින්වීය.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රඥාවන්ත හැසිරීමක් ලෙස අගය කර තිබුණද, ඊට පසු දිනම උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය දැඩි ස්ථාවරයකට මාරු විය.
දකුණු කොරියාව තවමත් තම "පරම සතුරා" බව අවධාරණය කළ උතුරු කොරියානු විදේශ උප අමාත්‍ය ජැන්ග් කුම් චොල්, සෝල් පාලනයේ සාමකාමී ප්‍රවේශය උපහාසයට ලක් කළේය.
මිසයිල අත්හදා බැලීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති මන්දිරයේ ජාතික ආරක්ෂක කාර්යාලය හදිසි රැස්වීමක් කැඳවීය. පියොන්ග්යෑන්ග් පාලනය වහාම මෙම ක්‍රියා නතර කළ යුතු බවත්, මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ රටේ ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් සිටිය යුතු බවට ද උපදෙස් දී තිබේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව සම්බන්ධයෙන් යළිත් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. ඉරාන යුද්ධයේදී දකුණු කොරියාව ප්‍රමාණවත් සහයක් ලබා නොදුන් බවට චෝදනා කළ ඔහු, තමාට උතුරු කොරියානු නායකයා සමඟ පවතින සමීප සබඳතාව පිළිබඳව පවසා තිබේ.
"අපේ සෙබළුන් 45,000ක් දකුණු කොරියාවේ ඉන්නේ කිම් ජොන්ග් උන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්නයි. නමුත් ඔහු මගේ හොඳ මිතුරෙක්," යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත.
විශ්ලේෂකයන් පවසන්නේ මෙම මිසයිල ප්‍රහාරය හරහා උතුරු කොරියාව ලබා දෙන පණිවිඩය වන්නේ, දකුණු කොරියාව කොතෙක් සාමකාමී වුවද තම යුදමය හා දේශපාලන ස්ථාවරය වෙනස් නොවන බවයි. මෙය උතුරු කොරියාව විසින් මේ වසර තුළ සිදුකළ පස්වන බැලස්ටික් මිසයිල අත්හදා බැලීමයි.

ko kari Pathirana pakaya? AKD ge puka lewa kana gaanda inne? Panditha comments danne nedda mewata? Salli dunne nedda thota JVP wesa ballo
ReplyDelete