ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2026 මාර්තු මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,019 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මෙය 2026 පෙබරවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 7,270 ක සංචිත හා සැසඳීමේදී 3.5% ක පහත වැටීමකි.
පසුගිය පෙබරවාරි මාසයේදී මහ බැංකු සංචිතය වසර පහමාරකට පසු ප්‍රථම වතාවට ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා යාමට සමත් විය.
සංචිත වත්කම්වල ප්‍රධාන කොටස වන විදේශ විනිමය සංචිතය, පෙබරවාරි මාසයේ පැවති ඩොලර් මිලියන 7,057 සිට මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 6,793 දක්වා 3.8% කින් අඩු වී ඇත.
සමස්ත සංචිත වටිනාකම අඩු වුවද, මහ බැංකුව සතු රන් සංචිතය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. පෙබරවාරි මාසය අවසානයේ ඩොලර් මිලියන 200 ක්ව පැවති රන් සංචිතය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 222 ක් දක්වා 10.8% කින් ඉහළ ගොස් තිබේ.
මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලැබුණු, එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 කට ආසන්න විදේශ විනිමය හුවමාරු පහසුකම ද (Swap) අන්තර්ගත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කෙසේ වෙතත්, එම මුදල් භාවිත කිරීමේදී අදාළ කොන්දේසිවලට යටත් විය යුතු බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

mona unath api malimawata...LOL...JVP pakayonta mona news ekak kiwwath wadak ne.
ReplyDeleteමොනවත් කරන්න බැරි වුනොත් අපි EPF අරමුධල ආයෙත් මංකොල්ල කනවා. තොපේ EPF අරමුදල අයිති අපිට. ඒක කැමති විදියට අපි වියදම් කරනවා. තොපි අපේ වහල්ලු. පුළුවන් දෙයක් කරපියවු.
Delete
ReplyDeleteමොනවත් කරන්න බැරි වුනොත් අපි EPF අරමුධල ආයෙත් මංකොල්ල කනවා. තොපේ EPF අරමුදල අයිති අපිට. ඒක කැමති විදියට අපි වියදම් කරනවා. තොපි අපේ වහල්ලු. පුළුවන් දෙයක් කරපියවු.
මහ බැන්කු අදිපතිත් කට ඇරියොත් කියන්නෙම බොරු. මේ හුන්ඩුවාටම ගැලපෙනවා.
ReplyDelete