ආණ්ඩුවේ කෙනෙක්ගෙ වත්කමක් නම් ඒක සමාජ ප්‍රාග්ධනයක්.. විපක්ෂයේ නම් හොරකමක්..


ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ රාජසේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු කැළණි ආසනනය වගේම  ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පොදු ජන පෙරමුණේ අය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කමක් ලෑස්ති කරලා තිබ්බා ඒ වෙනුවෙන් මම ආවා.

සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියනවනේ ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා.ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්.දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්‍රාග්ධනය එයාල කියන විදියට.හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා.ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.

එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා ලැම්බොගිනි ගැන රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කිව්වා ඉතිං එදා නොයෙක් චෝදනාා නැගුවා විපක්ෂ දේශපාලන වේදිකාව ඇතුළේ.හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධයිනේ. දැන් ඉතින් ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයානේ ඇමැතිවරයා බවට පත් කළේ.ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට  අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරය තමයි පොහොර ටෙන්ඩරය ඒකෙ ප්‍රධානියා බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණාම දැන් යන ලොකුම ටෙන්ඩරය  යන්නේ ගල් අඟුරු ටෙන්ඩරය.ඒකෙ කැබිනට් අමැතිවරයා බවට පත් කළා.දෙන්න එකතුවෙලා වැඩේ කරලා දැන් ඉස්සෙල්ලා අයින් වෙන්නේ කවුද කියලා වෙන්නැති දෙන්න කල්පනා කරනවා ඇත්තේ.ඒක හින්දා ඒක ඒ දෙන්න කල්පනා කර ගත්තු දෙන්. හැබැයි ඉතින් මේ රටේ අහිංසක ජනතාව තමයි අන්තිමට ඒ පීඩාවේ පාඩුවේ වගකීම්කාරයෝ බවට පත්වෙලා තියෙන්නේ.ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙනවා.

එදා ඔබට මතක ඇති අපි කොරෝනා වෙලාවේ පන්දාහ හතර වතාවක් දුන්නා අමාරුකම් තියෙද්දි ලේසි නෑ. කොරෝනා කියන්නේ මීටත් වඩා දරුණු කාල සීමාවක් එළියට ඇවිල්ලා ඔබට මේවා ප්‍රශ්න කරන්න වෙන්නෙ නෑ අපිට උත්තරයක් දෙන්න විදිහකුත් නෑ තෙල් නැව් තිබ්බත්  නැව් එන්න විදියකුත්  නෑ.ඉතින් එවැනි වාතාවරණයත් කියනකොටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා.අපේ හැමදාම උත්සාහ කරේ මේ රටේ සමාජය ව්‍යසන වලින් ජනතාව මුදවා ගන්න.

අපි එල්ටීටීඊ එක්ක හැප්පුනේ සමාජ ව්‍යසනය වෙන එක නවත්තන්න නැත්නම් අපිටත් තිබුණා ඔයා ඒ පැත්ත බලාගන්න අපි මේ පැත්ත බලා බලාගන්නම් කියලා. මහින්ද මහත්තයා එහෙම  හිටියනම් අද නොබෙල් සාම ත්‍යාගයත් හම්බවෙලා.ඒ තැනට අන්තිමට ලෝකය එතුමාව මිනීමරුවෙක් හොරෙක් බවට පත් කරා මොකක්ද හේතුව එල්ටීටීඊ එක පරාජය කරපු එක හැබැයි ඒ වගේම තමයි කෝවිඩ් දහනමය වසංගතය අප වෙලාවෙත් අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් නවත්තනවද ආර්ථිකය පැත්තටම ඔලුව දාගෙන අයිඑම්එෆ් සහ අනිත් ආයතන කියන විදියට ඉන්නවද.

අපි සමාජය ව්‍යසනයක් නැවැත්තුවා මිනිස්සු බඩගින්නේ මැරෙන එක නැවැත්තුවා කෘෂිකර්මාන්තයට උදව් කරා.ඔබට මතක ඇති රසායනික පොහොර කාබනික පොහොර අර්බුදය එන්න කලින් කන්න දෙකක් නිකං පොහොර දුන්නා ඇයි ඒ මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕන නිසා.ඉතිං අපි හැම වෙලාවෙම කරේ ව්‍යසනයක් නවත්තපු එක.අරගලයක් ඇවිල්ලා තරුණයෝ එළියට බැස්සා බංගලාදේශය නේපාලය වගේ අපි මරාගෙන මැරෙන්න ගියේ නැහැ.අපි අඩියක් පස්සට අරගෙන තවත් සමාජ ව්‍යසනයක් නැවැත්තුවා.අපි මේ රටේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ ආගම දහම අනුව ජීවත්වෙන අය ඉතින් අපි දන්නා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව හැඩ ගැහෙන්න ඕනේ.

ඉතින් ජනතාව ඉල්ලනකොට අපි එනවා එපා කියනකොට යනවා.ඉතින් හැමදාම අපි තීන්දු ගත්තේ සමාජ ව්‍යසනවලින් ජනතාව මුදවා ගන්න මිසක් තව තවත් ව්‍යසන වලට ජනතාව ඇදගෙන දාන්න නෙවෙයි.අද ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නැතුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි තමන් කරපු වංචාවේ පාඩුවත් ජනතාව පිට පටවනවා.

7 Comments

  1. කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් කිසිම දෙයක්...වෑඩ බෑරි පච මෑශින් .... අවුරුදු 76 ක් රට කෑවේ මේ ජෙප්පෝ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්....

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 3:41 AM

    ඔව් ඉතින් කථාව ඇත්ත, මේ ආණ්ඩුවේ හොරු නෑ. කලින් ආණ්ඩු වල හිටියෙ හොරු. කලින් ආණ්ඩු වල අය පගා ගත්තා, කොන්ත්‍රාත් ගත්තා, කොමිස් ගැහුවා, ඒවලින් උපයා ගත් මුදල් වලින් ගෙවල් හැදුවා, කාර් ගත්තා, ඉඩම් ගත්තා, හෝටල් හැදුවා,විදේශ වල පවා ගෙවල් හැදුවා, ඇපල් වතු ගත්තා. මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් සත පහක් වංචා කරල නෑ (දැන් රෙද්ද උස්සගෙන එන්ඩ එපා ගල් අඟුරු කියාගෙන, ගල් අඟුරු ගැන වෙනම පැහදිලි කිරීමක් කලා, කිසිම වංචාවක් වෙලා නෑ එතන). පක්ෂයට හිතවත්, විශේෂයෙන් විදේශ රට වල අය මුදල් දෙනවා අවශ්‍ය කටයුතු කර ගන්ඩ. අපිත් කැමති නෑ ලාල් පැල්කොටේකට වෙලා ඉන්නව දකින්ඩ, ඉතින් අපි හැමෝගෙම සතුටින් දුන්න මුදල් වලින්, ඔහුගේ පඩියෙන්, පව්ලේ මුදල් වලින්, සහ බැංඛු ණයකින් තමයි ගෙදර ලස්සණට හදා ගත්තේ, ඒකට ඉරිසියා කරලා පරණ කම්බ හොරු ආයෙ ඕනෑ ඕනෑ කියලා වැළලෙන්ඩ හදන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. පචරෙන ආයෙත් ෆේල්. පරණ තැටියම අළුත් කරන්න හදනව. අනේ හිච්චි කොළුවො මේ ත්‍රස්තවාදීන් රටම ගඳගස්වනකොට හෝදන්න ට්‍රයිකරල වැඩක් නෑ. ඩෝබි ගලේපහරත්තිට අසූචි කන්දරාව වහන්නත් බෑ, හෝදන්නත් බෑ. ෂික් විතරක්.

      Delete
    2. ආරියතිලක

      බොරුවෙන් රජ වී ම!
      බොරුවෙන් කියවී ම,
      නැත එහි පිනවී ම
      නියතය පිරිහී ම

      බතක් උයා ගැනීමට අවශ්‍ය වූ විට මුලින් ම කළ යුත්තේ සහල්වල ගල්, වැලි, වී ඉවත් කර ගැනීම ය. අතීතයේ ලොකු ගල් සහ වී ඇහැලීමත් ඊට පසුව හාල් ගරා ගැනීමත් කෙරෙණි. අද කාලයේ බොහෝ විට එසේ නැත. වෙළඳ පොළේ ඇති හාල්වල ගල්, වැලි, වී, සහ අනෙකුත් අප ද්‍රවය ඉවත් කර පිරිසිදු කර ඇත. නවීන තාක්ෂණය නිසා එම කටයුත්ත පහසු කර ඇත.

      හාල්වල ගල්, වැලි, වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ හේතුවෙන් “හාල්වල ගල්, වැලි, වී ඉවත් කරනවා. හාල් ගරනවා” යයි කියති. එහි ගල් වැලි, වී ඇත්තේ අල්ප වශයෙනි. ගල් බහුල වී , වී බහුල වී , වැලි බහුල වී හාල් ඇටයක් දෙකක් තිබේ නම් එහි හාල් ගැන කතා නැත. එහි ඇත්තේ ගල්, වැලි, වී ගැන කතාවකි.

      එසේ ම යමෙක් බහුලව බොරු කියත් නම් එම කතාවල බොරු සොයනවා වෙනුවට සෙවිය යුත්තේ සත්‍යවාදීව කතා ඇති තැන කොතන ද යන්න ය. ඒ ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායකත්වය පටන් ඉහල පෙළේ පක්ෂ සාමාජිකයන්ගේ (වත්මන් ජනාධිපතිවරයා පටන් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ‍යේ ක්‍රියාකාරීන්ගේ) බොහෝ කතා බොරු ය. ජනාධ්පතිවරණය පෙර සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කියන ලද කතා සහ පොරොන්දු අද බොරු වී ඇත. මැතිවරණවලින් පසු කරන කතා ද බොරු බහුල ය. දැන් අපට සිදු වී ඇත්තේ සත්‍ය ලෙස කරන කතාව කුමක් ද යන්න බලාපොරොත්තු තබා ගනීමට ය.

      කියන ලද කතා එමට ය. ඒ අතරින් කීපයක පහත පරිදි ය.

      1. හිටපු කතානායක අශෝක රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආචාර්ය උපාධි සහතිකය සත්‍ය ද යන්න ය. විධායක ජනාධිපතිවරයා තම පක්ෂයේ නායකයා බැවින් ජනාධිපතිවරයාට ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රිකව කතා කොට මෙම සහතිකය කඩිනමින් ලබා ගත හැකි බව අපගේ අදහස ය. තම ආණ්ඩුවේ ප්‍රශ්නයක් බැවින්, තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක් බැවින්, ජනාධිපතිවරයා මෙයට මැදිහත් වී අවංකභාවය ඔප්පු කිරීම යුක්ති යුක්ත ය. අහෝ! තවම එසේ වී නැත!

      2. රතු ලේබල් කන්ටේනර් වරායෙන් පිටකිරීම පිළිබඳ සිද්ධිය.

      3. විදුලි බිල් වැඩි කිරීම, ඉන්ධන මිළ වැඩි කිරීම, සහල් පිළිබඳව මිළ හා සහල් ආනයනය පිළබඳ, IMF එක ගැන, ජනාධිතිවරණයට හා මහ මැතිවරණයට පෙර කියන ලද ප්‍රකාශ හා පොරොන්දුවලට සපුරා ම වෙනස් ය.

      4. ලුණු ආනයන මිළ හා වෙළඳ පොළ මිළ පරතරය සාධාරණ නො වීම.
      මේ ඉන් කීපයක් පමණි.

      1948 නිදහසින් පසු දේශපාලනය විමසා බැලීමේ දී ජාතික ජන බලවේගය තරම්, කියන ලද ප්‍රකාශ බොරු බව සනාථ කළ, කරන ලද ප්‍රකාශ හා පොරොන්දු වැඩියෙන් ම බොරු බව ඔප්පු කළ පක්ෂයක් දේශපාලන ඉතිහාසයේ නැති තරම් ය.










      Delete
    3. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 6:12 AM

      රන්වලගේ උපාධිය: එතුමා සතුව අවම වශයෙන් මූලික උපාධියක් වත් නැත. නමුත් එතුමා වෙත මහජන ඡන්දය ලැබී ඇත. මූලික උපාධි ධාරීන්ද 2%ක් පමණක් සිටින රටක, ආචාර්ය උපාධියක් වෙනුවෙන් ඔහුට ඡන්දය ප්‍රකාශ කලා යැයි සිතීම කල නොහැක්කකි. එබැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ රැඳී සිටින්නේ මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එලෙස ඉටුවිය යුතු යැයි අප සිතන නිසාය. කෙසේ නමුත්, එතුමා කථානායක ධූරයේ නොතබා ඉන් ඉවත් කලේ අදාල උපාධිය පිළිඹඳ ව්‍යාජ තොරතුරු මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කල බැවිනි. එලෙස ඉවත් කිරීම ඉතා හොඳ පූර්වාදර්ෂයකි. (උදාහරණයක් ලෙස නාමල් රාජපක්ෂ නීති විභාගය විශේෂ පහසුකම් සහිතව ලියූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දීත් ඔහුව ක්‍රීඩා අමාත්‍ය ධූරයේ තබා ගත් හැටි ඔබට අමතක විය යුතු නැත. රාජපක්ෂ කඳවුරේ ආර්ථිකය සම්භන්ධ පාරම්බාන්නෙකු සිය ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවේදී කලා නොව වෙනත් පර්යේෂකයන් 4 දෙනෙකුට මුදල් ගෙවා කරවා ගත්තෙකි, ඔහු එම කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ රැඳී සිටි අයෙක් වන අතර, ප්‍රකට මූල්‍ය සමාගමක ඉහළ තනතුරක් හෙබවූයෙකි. ඩයනා ගමගේ ද්විත්ව පුරවැසි භාවය සඟවා පාර්ලිමේන්තු පැමිණියාය. ගීතා කුමාරසිංහ ද එසේම ය. ඔවුන්ව එම පාර්ලිමේන්තු අසුන් වලින් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලකයින්ට අධිකරණ නියෝග ගැනීමට සිදු විය, එතෙක් ඔවුන් බොරු කරමින් එම ධූර වල රැඳී සිටි අයුරු ඔබ අමතක නොකල යුතුය. එන්.පී.පී. රජයේ අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉවත් කිරීම පූර්වාදර්ශයක් වන්නේ එබැවිනි. එවැන්නක් ලංකාවේ සිදු වූවේ මුල්ම වතාවට ය.).

      කන්ටේනර් පිට කිරීම මීට කලින් පැහැදිලි කර ඇත. රතු ලේබල් ඇලවූ කන්ටේනර් වල අන්තර් ගතය පරීක්ෂා නොකොට පිට කලේ ඇතිවූ තදබදය නිසා මිස සිදු වූ අක්‍රමිකතාවයක් නිසා නොවේ. මීට කලින්ද රතු ලේබල් ඇලවූ කන්ටේනර් තදබදය වැඩිවූ අවස්ථා වල පරීක්ෂා නොකොට පිට කර ඇත. ඊට ක්ෂණික විකල්පයක් නැත. විපක්ෂ දේශපාලකයින් අවස්ථාවාදීව ප්‍රායෝගික තත්වයක් නිරාකරණය කිරීමට ගත් තීරණයක් දූෂණයක් ලෙස හුවා දැක්වීම ජුගුප්සාජනකය. එය එසේමැයි කියා ඔලුවේ හලා ගන්නා පිරිසක් සිටීම රටේ කරුමය ය.

      විදුලි බිල් වැඩි කිරීම: වෙනත් රජයක් යටතේ නම් මෙම මිළ ඉහළ යාම මීට වඩා තෙගුනයක් යැයි අපේක්ෂා කල යුතුය. හේතුව ඔවුන්ගේ නහස්තියයි. කෙසේ නමුත් ලෝක වෙළඳපළේ මිළ ගණන් වලට වඩා අඩුවෙන් අලෙවි කිරීම යනු, ඔබ විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමක් බව ඔබ තේරුම් ගත යුතුය.

      ආණයනික ලුණු මිළ දේශීය වෙළඳපළේ මිළට විකිණීම රටේ ලුණු නිශ්පාශකයින් ආරක්ෂා කර ගැනීමේ පියවරකි. ඇරත් අනවශ්‍ය ලෙස ලුණු භාවිතයෙන් රුධිර පීඩනය ඇති වෙන බව ඔබ දැන ගත යුතුය. එබැවින් එය සෞඛ්‍යාරක්ෂිත ව අඩුවෙන් භාවිතා කිරීමෙන් ඔබට පාඩුවක් සිදු නොවේ.

      ඩඩ්ලි සේනානායකගෙන් පසු සියලු නායකයන් බොරු කිව් බව ඔබ දැන ගත යුතුය. ඩඩ්ලි පැරදුනේ ඇත්ත කියන්නට ගොස් ය. චන්ද්‍රිකා රුපියල් 5.50 ට තිබූ පාං 3.50 ට දෙන්නට ගොස්, මාස 3ක් ඇතුලත රුපියල් 12ට එහි මිළ ඉහල නැංවීය. දූෂණය භීෂණය එපා කියා පැමිණි ඇය, රජයේ ආයෝජන වෙනුවෙන් අමාත්‍ය වරයාට කොමිස් මුදල් ලබා ගැනීම නීති ගත කලාය. එතැන් සිට හැම දේශපාලකයෙක්ම කොමිස් කාක්කෙක් විය. විදේශ ආයෝජකයන්ගෙන් පවා කොමිස් කෑවෝය. රටේ නම පවා විනාශ විය. මේ රජය එක සතයක කොමිස් මුදලක් ගන්නේ නැත. එයම ප්‍රමාණවත් ය.

      Delete
  3. Well said Namal. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  4. නාමල් දැන් දිවුනුයි.

    ReplyDelete
Previous Post Next Post