මේ වන තෙක් ආණ්ඩුව සාර්ථකයි..- හදුන්නෙත්ති

 


රජය විසින් රටේ ආර්ථිකය වසා නොදමා , සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආර්ථික ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට රජය සමත්ව ඇති බවයි.

මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අද වන විට රජය ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමටත්, ජාත්‍යන්තර සබඳතා තහවුරු කර ගැනීමටත් සමත්ව ඇති බවයි. 

එමගින් රටේ සාමාන්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලැබී ඇති බව ඔහු අවධාරණය කළේය.

ආර්ථිකය අඩාල වීමට ඉඩ නොතබා, අභියෝග හමුවේ වුවද සාමාන්‍ය ජන ජීවිතය සහ ආර්ථික කටයුතු පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අරමුණ වී ඇති බවත්, එම ඉලක්කයන් ජය ගැනීමට මේ වන විටත් හැකි වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

11 Comments

  1. සාර්ථකයි, සාර්ථකයි. කන්ටේනර් හොරකමෙනුයි, ගල්අඟුරු හොරකමෙනුයි සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. හොඳම සාර්ථකත්වය තියෙන්නේ උඩ දාගෙන අරගල කරලා ගෝඨා පන්නලා පල්ලියේ කීමට දේව රාජ්ජයක් හදන්න ගිහින් කෙලවෙලා ඉන්න දේව දරුවො සෙට් එකටයි, ඒවට ඇන්දිලා හත් පොලේ ගාගෙන සිංහලකමටයි, බෞද්ධකමටයි ගරහන නාමික බෞද්ධ ඩෝබි වොශින්ටන්ලටයි සුපිරිම එකෙන් කෙලවපු එක. 🤣😂😃 හරි නම් තෙල් මිල තව 200කින් වත් වැඩි කරන්න ඕන. 🤣😂😃🤣😂😃

      Delete
  2. ලෝක හොරු 76 77 78 ඉදිරියටත් ලප සාපෙ

    ReplyDelete
  3. තොපි වැරදිලා වදපු තොපේ අම්මලාට කියපියව් මේවා ... කාලකන්නි බලු හැත්ත ... පව් නොදී පලයව් යන තැනකට දැන්වත් ... වෙලාවට මේ රටේ මිනිස්සු තොපි සෙට් එකට බලේ දුන්නේ ... නැත්තම් තාමත් හිතන්නේ බිග් කුච්චන් එක විසඳන්නේ තොපි විතරයි කියලා... දැන් දුවපියව් හෙළුවෙන්

    ReplyDelete
  4. පච කීම අතින් සාර්තකයි. ආර්ථිකය ගොඩ නැගීම අතින් අසාර්ථකයි.

    ReplyDelete
  5. පවුකාර සක්කිලියො.රටම කෑව

    ReplyDelete
  6. ආණ්ඩුවේ ජනපති , අගමැති ,ඇමතිවරු ඇතුළු පිරිස් ධනවත් වීම අතින් අති සාර්ථකයි

    ReplyDelete
  7. ඇත්තෙන්ම මෙයාලා සාර්ථකයි. V8 වල ගමන් යන්නේ. ආරක්ශාව ඩබල් දාගෙන යනවා. වැල් කෝ‍ටු වගේ හිටපු අය මෝරු වගේ තර වෙලා, දැන් බෙල්ලත් පේන්නෙ නැති ගානට එන ගමන් තියෙන්නෙ. හොඳ ගානක් දැනටමත් හොයාගෙන තියෙනවා කොමිස් වලින්. දැන් ගෙදර ගියත් පරම්පරා 4කට විතර හොයාගත්තා. 76වසරක් හොයාගන්න බැරිවෙලා තිබුන ඒවා අවුරුදු එකහමාරෙන් හොයා ගත්තා.

    ReplyDelete
  8. Please ඔය කථාව දැන්ම ජාතික රෝහල ළඟට ගිහින් කියන්න.ඔයාට ඵතන ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු ටික මාර චියර් ඵකක් දෙනවා ෂුවර්.

    ReplyDelete
  9. ඇමතිල ගොවල් හදන විදිය ට පේනවා

    ReplyDelete
Previous Post Next Post