ජාතික ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන ඇමති ලාල් කාන්ත මහතාගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි තට්ටු තුනකින් යුත් නිවස සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ එහි දේශපාලන පසුබිම පිළිබඳව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය යූ ටියුබ් නාලිකාව හරහා විශේෂ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.
මෙම නිවස සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිහිපයක් මතු වී ඇති බව ආචාර්ය දේවසිරි පෙන්වා දෙයි. ඉන් පළමුවැන්න නම්, රැකියාවක් නොකරන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ලාල් කාන්ත මහතාට මෙවැනි නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ධනය ලැබුණේ කොහෙන්ද යන්නයි.
එමෙන්ම, ඔහු ඇමතිවරයෙකු වී කෙටි කලකින් මෙවැනි නිවසක් ඉදිවීමත්, ඒ සඳහා සිය තනතුර පාවිච්චි කළේ ද නැතහොත් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් ‘කප්පන්’ ලබා ගත්තේ ද යන්න පිළිබඳව ද සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇත.
විශේෂයෙන්ම, ඩඩ්ලි සිරිසේන මහතාගේ වැව් අසල හෝටල් පිළිබඳ ප්‍රශ්නයේදී ලාල් කාන්ත මහතා සිදුකළ ප්‍රකාශයන් සහ මෙම නිවස ඉදිකිරීම අතර යම් සම්බන්ධයක් තිබේදැයි ඇතැම් පාර්ශව සැක පළ කරන බව ඔහු සඳහන් කරයි.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ ලාල් කාන්ත මහතාගේ නිවස පිළිබඳ පුවත තමන්ට ‘පුදුමයක්’ නොවන බවයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය 1989න් පසු ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදු වූ දේශපාලන පරිවර්තනයේ එක් අංගයක් පමණක් බවයි. 2010 වසරේදී තමන් පළ කළ පර්යේෂණ පත්‍රිකාවක් උපුටා දක්වමින් ඔහු පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ක්‍රමයෙන් ‘ප්‍රභූකරණය’ වෙමින් පවතින බවයි.
ඔහු පෙන්වා දෙන පරිදි, ඕනෑම රැඩිකල් ව්‍යාපාරයක් ප්‍රධාන දේශපාලන ධාරාවට පිවිසීමේදී එහි රැඩිකල් ස්වභාවය ගිලිහී යාම සාමාන්‍ය තත්ත්වයකි. ඡන්දදායක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ඔවුන්ට තම රැඩිකල් අනන්‍යතාවය පරදුවට තැබීමට සිදු වේ.
ජනතා විමුක්ති පෙරමුණ සැමවිටම තමන්ව හඳුන්වා ගත්තේ ‘නිර්ධනීන්ගේ’ හෝ ‘නිර්ප්‍රභූන්ගේ’ පක්ෂයක් ලෙසයි. රෝහණ විජයවීර මහතාගේ කාලයේ නායකයන් පාරවල්වල නිදාගනිමින්, අතිශය දුෂ්කර ජීවිත ගත කළ ආකාරය ආචාර්ය දේවසිරි සිහිපත් කරයි.
එවැනි පසුබිමක සිටි පක්ෂයක නායකයෙකු මෙලෙස මධ්‍යම පන්තික සිහිනයක් බඳු නිවසක් ඉදිකිරීම, ඔවුන්ගේ දේශපාලන සදාචාරය පාවා දීමක් ලෙස ඇතැමුන් දකින බව ඔහු පවසයි. ‘කුසට සාගිනි - හදට සෝගිනි’ වැනි කවි වේදිකාවල කියමින් ජනතාව ඇමතූ පක්ෂයක නායකයන් මෙලෙස සුඛෝපභෝගී ජීවිත ගත කිරීම ප්‍රබල විවේචනයට ලක්ව තිබේ.
මෙවැනි නිවසක් ඉදිකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් නොවන නමුත්, ආණ්ඩුකරණයට පැමිණෙන පුද්ගලයන් තම වත්කම් සහ මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මහජනතාවට වගකීමට බැඳී සිටින බව ආචාර්යවරයා අවධාරණය කරයි. ලාල් කාන්ත මහතාට මෙම මුදල් ලැබුණේ කොහෙන්ද, නිවසට කොපමණ මුදලක් වැය වුණේද සහ ඉඩම ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ඔහු තම ඡන්දදායකයන්ට හෙළි කළ යුතු බව ඔහුගේ මතයයි.
ඔහු පවසන්නේ, මෙම ආණ්ඩුව තරම් මහජන සුපරීක්ෂාවට ලක්වන වෙනත් පක්ෂයක් නොමැති බවත්, ඔවුන් මෙම ප්‍රශ්නවලට විවෘතව මුහුණ දිය යුතු බවත්ය. ලාල් කාන්ත මහතාගේ නිවස පිළිබඳ සාකච්ඡාව හුදු ප්‍රචාරකවාදී එකක් පමණක් නොව, දේශපාලන සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් තේරුම් ගත යුතු ගැඹුරු පරිවර්තනයක ලක්ෂණයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් සඳහන් කරයි

හොඳ දොබියෙක්
ReplyDeleteThis home will be used as JVP future office/house
ReplyDeleteSo don’t panic 😁😁😁
මුන් ඔක්කොම කොහොමත් දෙපැත්තෙන්ම කතා කරන එවුන්.විශේෂයෙන්ම වාසියට.
ReplyDeleteIf Dhammika can give tiles to party office floor and if Jayakody, Wasantha and several others can invest or earn or keep money in the bank accounts what is wrong with Lal possessing a house? Should he live underneath a tree on the road side? Everyone has to be practical and pragmatic. My issues are i0. as eth minister he does not assure adequate fertilizer for farmers, ii) he does not guarantee a reasonable price, living standard for farmers, he can not guarantees the country has a agric policy and policy goals and objectives have met. If he provides the leadership for agric sector policies what he eats or drinks or where does he stay are immaterial to me!
ReplyDelete