කියුබාව අමෙරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධයක් අපේක්ෂා නොකරන නමුත්, තමන්ට එරෙහිව කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත් අමෙරිකානු හමුදා පරාජය කිරීමට පූර්ණ සූදානමින් සිටින බව කියුබානු ජනාධිපති මිගෙල් දියෙස්-කැනෙල් අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 'පිග්ස් බොක්ක ආක්‍රමණයට' වසර 65ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවය අමතමිනි.
එහිදී හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටි දියෙස්-කැනෙල් පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ කියුබානු - අමෙරිකානු සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වූ එම ඓතිහාසික සිදුවීම වර්තමානයට ද පූර්වාදර්ශයක් සපයන බවයි.
එවකට කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහ කිරීමේ අරමුණින් අමෙරිකාව මෙහෙයවූ 'පිග්ස් බොක්ක ආක්‍රමණය' අසාර්ථක වූ අතර, එය කියුබාව ප්‍රසිද්ධියේම සමාජවාදී මාවත වැළඳගැනීමටත් වොෂින්ටනය සමඟ දශක ගණනාවක සීතල යුද්ධයකට මුලපිරීමටත් හේතු විය.
වර්තමානයේදී ද දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක, කියුබානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය දේශපාලනය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
අතීතයේ මෙන්ම ඕනෑම විදේශීය මැදිහත්වීමකට එරෙහිව නැගී සිටීමට තම රට නොපසුබට වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ගෙ රටේ මිනිස්සුන්ට පෙට්‍රල් ඩීසල් ටික වෙන තැනකින් කතා කරල හොයා ගන්න බැරි එකා ඇමරිකාවට ගහන්න කතාව.
ReplyDeleteගහන්ඩ ගහන්ඩ ලංකාවෙ සෙට් එකම ඉන්නවා ඔබතුමාගෙ සහයට.
ReplyDeleteමූත් අපේ පච කයිතන් වගේ. කරන්න බැරි දේ කියනවා නොකියපු ද් කරනවා. තාම මාලිමාඋන් ගොනාට අන්දනවා.
ReplyDelete