වෛද්‍ය වර්ජනය අඛණ්ඩව ඉදිරියට..


 ස්ථාන මාරුවීම් ගැටලුව මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද පෙරවරුවේ ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට තීරණය වී ඇත. 

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල සායනික සහ ප්‍රතිකාර සේවා කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය පිළිබඳව සහ වර්ජනයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට දිනයේදී විශේෂ විධායක සභා රැස්වීමක් කැඳවා ඇති බවයි.

දැනට ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය හෙට උදෑසන 8.00න් පසුව අවසන් කරන්නේද, නැතහොත් එය දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව එහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

4 Comments

  1. ලොකු ටෝක් දීපු ඇමටියා දැන් කෙදිරි ගානවා. 76 සාපෙ වර්ජන කරල රට විනාස කරා ජවිපාවුන්.

    ReplyDelete
  2. මා දන්නා සෞඛ්‍ය අමාත්‍ය වරැ අතරින් උද්ධච්ච ම ඇමති තමයි දැනට ඉන්නෙ.

    ReplyDelete
  3. Bayyonta dan strikes hodayi , mayinage kale wahakaduru

    ReplyDelete
Previous Post Next Post