බැංකොක් ගුවන් තොටුපලේදී ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවෙක් හා නිලධාරියෙක් ගුටි කෙලියක..

 


තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL403 ගුවන් යානයේ නියමුවා සහ එහි නිලධාරියෙකු අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට, මෙම ගැටුම හටගෙන ඇත්තේ තායිලන්තයේ සේවය කරන ශ්‍රීලන්කන් ගුවන් සේවා නිලධාරියෙකු සහ අදාළ ගුවන් යානයේ කපිතාන්වරයා අතරය.

ගුවන් යානය මගින් තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට දරන ලදැයි සැක කෙරෙන උත්සාහයක් පිළිබඳව ලද තොරතුරක් මත අදාළ නිලධාරියා ක්‍රියාත්මක වීම මෙම බහින්බස් වීමට හේතු වී ඇති බව මූලාශ්‍ර සඳහන් කරයි.

එහිදී ගුවන් නියමුවා විසින් නිලධාරියාට පහර දී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

3 Comments

  1. අඩුකුලේ කලු ජරාව

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තුන්කාලේ pilot කෙනෙක් රත්රන් හොරෙන් ගෙනල්ලා අහු උනා නේද ?එතකොට ඒ උසස් කුලේ දේවීයන් ලඟට යන කෙනෙක් ද?

      Delete
  2. In fact, the Pilot had given only a 'Flying Kick' . Nothing much to crow about.😒

    ReplyDelete
Previous Post Next Post