හැකර තොරතුරු තවත් රකියි.. උත්තර දෙන්න මුදල් ලේකම් මුදල් කාරක සභාවට එන්න බෑ කියයි..


පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා (30) එම හමුවට සහභාගී නොවන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, තමන්ට එම රැස්වීමට පැමිණිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා එවා ඇති බවයි.

මුදල් පිළිබඳ කාරක සභාව සහ භාණ්ඩාගාරය අතර මෙම සාකච්ඡාව හෙට දින පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද, ලේකම්වරයාගේ මෙම දැනුම් දීමත් සමඟ එම හමුවට ඔහුගේ සහභාගීත්වය හිමි නොවන බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසන්නේ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

4 Comments

  1. මෙයා තලංගම පොලීසියේ පැමිණිලි පොතත් ලඟට ගෙන්නාගෙන පැමිණිල්ලක් දැම්මා කිව්වෙ ඊයේ ගේ ඉස්සරහා හූ කිව්වා කියලා..

    ReplyDelete
    Replies
    1. Dr kiyaganna CID giya pora

      MBBS

      Delete
  2. මුගෙ තියෙන්නෙ කට විතරයි. වැඩ බෑ. ඕස්ට්‍රේලියාවෙ කොම්පැණිය වැඩ කරලා කුජීත වෙලා ඒකෙන් පන්නලා දාපු ගොබ්බෙක් කියල බජාර් එකේ කියනවා.

    ReplyDelete
    Replies
    1. සමහර බැංකු අපිට කවුරුත් හරි කෙනෙක් ලොකු මුදලක් අපේ account එකට බැර කෙරුවාම ඒ මුදල එක පාරට අපේ account එකට නොදා උන්ගේ account එකක දවසක් දෙකක් තියෙනව ලොකු මුදලක් නිසා ඒ දවසක දෙකක පොලිය ලොකු මුදලක්. මෙතැන මේ ගොල්ල එහෙම දෙයක් කරන්න ගියා වෙන්න පුළුවන් දවසක් දෙකක් වෙනුවට මාස 6 ක් තියා ලා ඒ පොලිය මාටියා ගහන්න සැලසුම් කරා නමුත් වැඩේ හෙළි උන නිසා දැන් බයිලා කියනවා වෙන්න පුළුවන්.ඔය සල්ලි ආපහු ගේනවා කියන්නේ ඒක වෙන්න පුළුවන් උගත් අය මේ ගැන කියන්නේ මොකද මෙහෙම උනා වෙන්න බැරිද?

      Delete
Previous Post Next Post