මැදපෙරදිග කලාපීය යුද ගැටුම් සමනය නොවී තවදුරටත් වර්ධනය වුවහොත්, මෙරට බලශක්ති වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ ජාත්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බරපතළ බලපෑම පිළිබඳව අවධානය යොමු කර ඇති බවය.
වර්තමාන තත්ත්වය යටතේ මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4.5 සිට 5 දක්වා මුදලක් වැය කෙරේ.
කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත්, ඉන්ධන ආනයනය සඳහා වැයවන මෙම පිරිවැය දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යා හැකි බවට සංස්ථාව පුරෝකථනය කරයි.
නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ආනයන වියදම් මෙලෙස අතිවිශාල ලෙස ඉහළ ගියහොත් පාරිභෝගික මිල සංශෝධනය කිරීම රජයට මඟහැරිය නොහැකි වනු ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ දේශීය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම ඉදිරි කාලසීමාව තුළ ප්‍රධාන අභියෝගයක් වනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.

පාස්කු ප්‍රහාරයෙන් රනිල්-මෛත්‍රී (?)ටත්, කොරෝනා වලින් ගෝටාබයටත් උනා වගේ අනුරටත් මේ ඉරාන යුද්ධ බලපෑමට මුහුණ දීමට නොහැකිවීම තුලින් ජනතා අප්‍රසාදයට පත් වේවි. පරණ ජෙප්පන්ගේ බඩජාරී හොරා කෑම් සහ පැලවත්තේ සීයාගේ ඒකාධිපතිවාදේ නිසා මේ වසර අවසාක වෙන කොට ජවිපෙට 10% ක්වත් ඉතිරි වෙන්නේ නෑ. උඹලාගේ එකම පින තමා සජිත් වැනි උද්ධච්ච, ජනනතා ප්‍රසාදය දිනාගන්න බැරි ගොන් මෝඩ තකතිරුවෙක් විපක්ෂ නායක වෙලා ඉන්න එක.
ReplyDeleteරටටම හෙන ගහලා යන්න තව තවත් තෙල්මිල වැඩි කරපන්. එතකොටවත් ලක්ෂ 68 ගොං හැත්ත තේරුම් ගනීවි මොන පොන්න ගෝතයෝ රැලක්ද රට පාලනය කරන්නේ කියලා.
ReplyDeleteගල් අඟුරු හොරකමේ පාඩුව වහගන්නෙ තෙල්මිල වැඩිකරලද?
ReplyDelete