හිටපු ජනාධිපති රනිල් වික්‍රමරත්න මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය 2023 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයට අදාළ තොරතුරු ලබා දීමට බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) ප්‍රතික්ෂේප කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (FOI Act) යටතේ ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම කාර්යාලය පවසා ඇත්තේ, අදාළ තොරතුරු සන්තකයේ පවතීද නැද්ද යන්න පවා තහවුරු කළ නොහැකි බවයි.
මෙම සංචාරයේ ස්වභාවය (රාජ්‍ය හෝ පෞද්ගලික) පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමෙන් බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට හානි විය හැකි බව එම කාර්යාලය පෙන්වා දෙයි.
මෙම සංචාරයේ ස්වභාවය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග දියත් වෙමින් පවතින බව බ්‍රිතාන්‍යය සඳහන් කරයි. එවැනි පසුබිමක තොරතුරු හෙළිදරව් කිරීම වෙනත් රටක ස්වෛරී අධිකරණ පද්ධතියකට ඇඟිලි ගැසීමක් ලෙස අර්ථකථනය විය හැකි බව ඔවුන්ගේ මතයයි.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවතින විශ්වාසය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම පොදු අභිලාෂයන්ට වඩා වැදගත් බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇත.
ඕෂල හේරත් මහතා විසින් මෙම සංචාරය වර්ගීකරණය කළ ආකාරය, ලොජිස්ටික් සහ ආරක්ෂක සහය ලබා දුන්නේද යන්න සහ සංචාරයේ වර්ගීකරණය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කළේද යන්න පිළිබඳව කරුණු විමසා තිබුණි.

අඩෝ ජෙපි පොන්නයිනි පොන්න රනිල් මහ බැංකු හොරා හිරේ දාලා ඇට තලපියවු කෝ. තොපේ කයිය විතරයි නේ පොන්න අඟුරු කුමාර බදු කොටෝ.
ReplyDeleteදැන් happy ද?
ReplyDelete