පැරදුනු සමුපකාරයක් බලෙන් අල්ලන්න මාලිමා කණ්ඩායමක් ඇවිත් උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..


මාතර සමූපකාර රෝහලේ පාලන බලය අත්පත් කර ගැනීමට ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් දැරූ උත්සාහයක් හේතුවෙන් ඊ‌ෙය් පස්වරුවේ එම රෝහල් පරිශ්‍රයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම තත්ත්වය හටගෙන ඇත්තේ රෝහලේ වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් හත්දෙනෙකුට මූල්‍ය අලාභ සිදුකළ බවට එල්ල වූ චෝදනා මත, දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් ඔවුන්ගේ සමූපකාර සාමාජිකත්වය වසර හතරකට තහනම් කිරීමට ගනු ලැබූ තීරණයත් සමඟයි. 

අදාළ සභාපතිවරයා සාමාජික ඡන්දයෙන් පත්ව සිටි අයෙකු වන අතර, කොමසාරිස්වරයාගේ තීරණයට එරෙහිව ඔහු මේ වන විටත් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් මෙලෙස බලය අත්පත් කර ගැනීමට පැමිණීම මෙම ගැටුමට මුල් වී ඇත.

රෝහල් පරිශ්‍රයේදී කොමසාරිස්වරයා පත්කළ නියෝජිතයෙකු සහ පවතින පාලනාධිකාරිය අතර නීත්‍යානුකූලභාවය සහ ලියකියවිලි සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති විය. 

තමන් තවදුරටත් සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත්, එය අවලංගු කිරීමට නම් අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් වත්මන් සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. 

මේ අතර දෙපාර්තමේන්තුව විසින් සභාපතිවරයා ලෙස සාමාජික ඡන්දයෙන් පත් වූ අහංගම ප්‍රදේශයේ දුසන්ත අබේවික්‍රම පිළිගෙන ඇති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මාතර මූලස්ථාන පොලිසිය මැදිහත් වූ අතර, වැඩිදුර පරීක්ෂණ සහ ආරක්ෂක පියවරක් ලෙස සභාපතිවරයාගේ නිල කාමරයට මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කළේය.

5 Comments

  1. බලලෝභී පරාජිතයෝ.

    ReplyDelete
    Replies
    1. මෝලිමා වේස බල්ලෝ ගූ ගහලා එලවපියවු. සක්කිලි මාලිමා කම්බ හොරු.

      Delete
  2. මිනීමරු කුණු ගල්කටස් ජෙප්පන්ට ඡන්ද ඕනැ නැහැ.

    ReplyDelete
  3. දැන් රටම ජේවීපී. ඊලගට උසාවිය.

    ReplyDelete
  4. ගම් නගර් වල ඉන්න මිනිස්සු ඔක්කොම ඇවිල්ල මුන්වා බෙල්ලෙන් පාර දිගේ ඇදගෙන යන්න. දැන් සක්කිලි මාලිමා කාරයො එලවන්න කාලයයි.

    ReplyDelete
Previous Post Next Post