මෙරටට ගෙන්වන ලද මෝටර් රථ 500කට ආසන්න ප්රමාණයක් විවිධ තාක්ෂණික හා නීතිමය බාධාවන් හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී මාස හයකට වැඩි කාලයක් වරාය පරිශ්රයේ රඳවා තබා ඇත තිබේ.
මෙසේ සිරවී ඇති රථවාහන අතරින් සියයක් පමණ වසරකටත් වඩා වැඩි කාලයක් වරාය තුළ පවතී.
ඉන් සැලකිය යුතු ප්රමාණයක් රජයට පවරා ගැනීමෙන් පසු වෙන්දේසි කිරීමට නියමිත ඒවා බව රේගුව සඳහන් කළේය.
රථවාහන 300ක් පමණ පුද්ගලිකව ආනයනය කළ ඒවා වන අතර, බදු ගාස්තු ඉහළ යාම නිසා අදාළ හිමිකරුවන් ඒවා නිදහස් කර ගැනීමට අපොහොසත් වී ඇත. මීට අමතරව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද වාහන ද මේ අතර වේ.
හම්බන්තොට වරායේ ද නිදහස් කර නොගත් වාහන සියයකට ආසන්න ප්රමාණයක් පවතී. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා අදාළ ගමනාන්ත වෙත යාමට නොහැකි වූ වාහන තොගයක්, නැවත රැගෙන යාමේ කොන්දේසිය මත තාවකාලිකව එහි ගොඩබසා තිබේ.
මෙලෙස වාහන විශාල වශයෙන් ගොඩගැසී තිබීම වරාය පරිපාලන කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්රකාශ කළේය.

අන්න ෂම්මි සිල්වා අහක් කරලා. එරාන් වික්රමරත්න තමයි ක්රිකට් අන්තර් කමිටු සභාපති. පොඩ්ඩක් ධනාත්මක එක නිව්ස් එකක් දාපියව්, මේකේ තියෙන්නෙම කොට්ටෙ බදාගෙන අඬන්ඩ නිව්ස්. (තව සතියක් ඕනෑ වැඩේ සම්පූර්ණ වෙන්ඩ, ඒත් confirmed)
ReplyDeleteගල් පතිරණ නැවත පැමිණ ඇත, ඔහු ඔහුගේ පෙර ගෙවීම් පච ලපේ වෙතින් ලබා ගත් බව මම උපකල්පනය කරමි
Deleteඑන්න - අපි හොදමු අපි හොදමු //
අපේ කොමිස් දෙනකන් අපි මොනවත් රිලීස් කරන්නේ නෑ. කොමිස් කියන්නේ අපේ වරප්රසාදයක්. අපි උත්ගෝශනයක් කරනවා අපේ උසස්වීම් දෙන්නේ නැති එකට. අපේ උසස්වීම් නැත්නම් ජාතික ආදායම අනතුරේ කියලා. ඒක කොම්ස් කුට්ටි ගිලින අවජාතක අපේ ආදායම අනතුරේ කියලා තමයි හරියටම කියන්න ඕනේ.
Deleteඅපේ කොමිස් දෙනකන් අපි මොනවත් රිලීස් කරන්නේ නෑ. කොමිස් කියන්නේ අපේ වරප්රසාදයක්. අපි උත්ගෝශනයක් කරනවා අපේ උසස්වීම් දෙන්නේ නැති එකට. අපේ උසස්වීම් නැත්නම් ජාතික ආදායම අනතුරේ කියලා. ඒක කොම්ස් කුට්ටි ගිලින අවජාතක අපේ ආදායම අනතුරේ කියලා තමයි හරියටම කියන්න ඕනේ.
ReplyDelete