තව යුද්දයක් නවතී.. ඊශ්‍රායලය හා ලෙබනනය සටන් විරාමයක්.. ට්‍රම්ප්ගෙන් ප‍්‍රබල මැදිහත්වීමක්..

 


දැඩි යුද ගැටුම් මැද පසු වූ ඉශ්‍රායලය සහ ලෙබනනය අතර දින 10ක කාලසීමාවකට බලපැවැත්වෙන සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පියවර ගෙන තිබේ.

මෙම සටන් විරාමය ඇමෙරිකානු සම්මත වේලාවෙන් පස්වරු 5:00(ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම) ආරම්භ වීමට නියමිතය.

මේ පිළිබඳව සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ලෙබනන ජනාධිපති ජෝශප් අවුන් සහ ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟ තමා පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බවයි.

පවතින සටන් විරාමය තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ ස්ථිර සාමයක් උදාකර ගැනීම පිළිබඳව වැඩිදුර සාකච්ඡා සඳහා ඉශ්‍රායල අගමැතිවරයාට සහ ලෙබනන ජනාධිපතිවරයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ද ජනාධිපති ට්‍රම්ප් ඇරයුම් කර ඇත. "දෙපාර්ශවයටම අවශ්‍ය වන්නේ සාමයයි. එය ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි මා විශ්වාස කරනවා," යැයි ඔහු එහිදී සඳහන් කළේය.

වසර 34කට පසුව දෙරටේ නියෝජිතයන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ ප්‍රධානත්වයෙන් වොෂින්ටනයේදී හමුවීම ඓතිහාසික සන්ධිස්ථානයක් බව ට්‍රම්ප් මහතා පෙන්වා දුන්නේය. ස්ථිර සාමයක් කරා යන ගමනේදී ඉශ්‍රායලය සහ ලෙබනනය සමඟ සමීපව කටයුතු කරන ලෙස උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් වෙත ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් මෙසේද සඳහන් කළේය.

"ලොව පුරා පැවති යුද්ධ නවයක් විසඳීමට මට ගෞරවය හිමි වුණා. මෙය මා විසඳන 10 වැනි යුද්ධය වනු ඇති. එබැවින් අපි මෙය සාර්ථකව නිම කරමු!"

මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳව ප්‍රකාශ කිරීමේදී ජනාධිපතිවරයා ඉශ්‍රායලය සමඟ සටන් වදින, ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හොස්බුල්ලා සටන්කාමී කණ්ඩායම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැති වීම විශේෂත්වයකි.

2 Comments

  1. කරුණාකරලා අපිට විවේකයක් දෙන්න අපේ පතොරම් ඉවරයි, ඒවා නැවත මිලදී ගැනීමට අපට තව ටිකක් කල් අවශ්‍යයි

    ReplyDelete
  2. කරුණාකරලා අපිට විවේකයක් දෙන්න අපේ පතොරම් ඉවරයි, ඒවා නැවත මිලදී ගැනීමට අපට තව ටිකක් කල් අවශ්‍යයි

    ReplyDelete
Previous Post Next Post