ජල කප්පාදු කාල සටහන මෙන්න...


 පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පාරිභෝගිකයන් මුහුණ දෙන අපහසුතා අවම කිරීම සහ ජලය බෙදා හැරීම විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා විශේෂ කාලසටහනකට අනුව ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

මෙම ජල කප්පාදුව 2026 අප්‍රේල් 02 වන බ්‍රහස්පතින්දා සිට 2026 අප්‍රේල් 10 වන දින දක්වා ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ සහ අදාළ කාලසටහන් පහත පරිදි වේ.

  • බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල: මෙම ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය 03ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

  • පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය: මෙම ප්‍රදේශ සඳහා එක් දිනක් (පැය 24ක්) ජල සැපයුම අත්හිටුවන අතර, ඉන් අනතුරුව දින තුනක කාලයක් අඛණ්ඩව ජල සැපයුම ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම කප්පාදුව රාත්‍රී 08.00 සිට ආරම්භ වීමට නියමිතය.

පවතින දැඩි වියළි කාලගුණය සැලකිල්ලට ගෙන, නළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, වැඩිදුර විස්තර සඳහා 1939 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැක.


6 Comments

  1. ලප සාපය නොනැවතී ඉදිරියටම.

    ReplyDelete
  2. බේරේ වැවේ කුසුමාApril 2, 2026 at 4:47 PM

    බලමු මේකෙන් වත් ගොඩ යන්ඩ පුලුවන් වෙයිද කියලා.

    ReplyDelete
  3. Vathura tika denna bari eun

    ReplyDelete
  4. 10n passe redi sodanna kiyala wathura kapanawaa

    ReplyDelete
Previous Post Next Post