විදුලිය හදන්න දිනකට ඩීසල් ලීටර අට ලක්‍ෂයක්.. විදුලි කප්පාදුවක් ගාස්තු වැඩිවීමක් අත ළඟ...


අනුර බාලසූරිය

මෙගාවොට් 900ක ධාරිතාවක් සහිතනොරචෝලේ ලක් විජය බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් ජාතික විදුලියට අහිමි වන විදුලි උත්පාදනය සඳහා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ අටක ප්‍රමාණයක් අවශ්‍ය වන බව විදුලි ඉන්ජිනේරු සංගම් ආරංචි මාර්ග පැවැසීය.

මෙලෙස මිල අධික ඉන්ධන පරිභෝජනය සහ පවතින කාලගුණික තත්ත්වය මත ජල විදුලි උත්පාදනය සීමා කිරීමට සිදුවිය හැකි බවත් ඒ අනුව ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් ද පැන නැඟී ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතයෙන් මේ වන විට දිනකට මෙගවොට් 150ක විදුලිය ප්‍රමාණයක් අහිමි වන බවත් එම ප්‍රමාණය උත්පාදනය සඳහා මෙම අමතර ඩීසල් ලීටර් ලක්ෂ අටක ප්‍රමාණය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව හෙතෙම සඳහන් කළේ ය.

මෙය පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට සාමාන්‍යයෙන් දිනකට පාවිච්චි කරන ඩීසල් ප්‍රමාණයට වඩා ඩීසල් වැඩි විශාල අමතර ප්‍රමාණයකි.

පසුගිය සති අන්තය වන විට ජාතික විදුලි පද්ධතියේ විදුලිය සඳහා සියයට 54ක දායකත්වය තාප බලාගාරවලින් ලැබී තිබූ අතර සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 28ක් පමණ ලබා ගෙන තිබුණේ ගල් අඟුරු බලාගාරයෙනි.

ඊට අමතරව වෙනත් ඛනිජ තෙල් මගින් සියයට 26ක දායකත්වයක් ලබා දී තිබුණු අතර ජල විදුලි දායකත්වය සියයට 18ක් පමණ දක්වා අඩු වී තිබිණි.

කෙසේ වුවද සූර්ය බලය මගින් සියයට 24ක පමණ විදුලිය දායකත්වයක් ලබා දී තිබිණි.

පවතින වියළි කාලගුණික තත්ත්වය මත ජල විදුලි උත්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් දැනටමත් මතුව ඇති අතර මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඛනිජ ඉන්ධන මිල ඉහළ යෑම, නියමිත කාල සීමාව තුළ ඇණවුම් කළ ගල් අඟුරු තොග නොපැමිණීමේ අවදානම ඇතුළු කරුණු හේතුවෙන් මෙසේ ඉදිරියේදී පිරිවැය මත කෙරෙන විදුලි ගාස්තු සංශෝධනයක් සේම විදුලි කප්පාදුවක්ද සිදුවිය හැකි බවට ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අනතුරු අඟවති.

Mawbima

1 Comments

  1. හරි නම් ඕක 68 ලක්ශෙන් අය කර ගන්න ඕන.
    උන් ආසාවෙන් නේ ගෙවන්නේ. පෝලිමෙත් ආසාවෙන් ඉන්නේ.
    ඒ නිසා උන්ගෙන්ම ගනිල්ලා.

    ReplyDelete
Previous Post Next Post