වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ නිවස සහ ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කතාබහ පිළිබඳව රාජාංගණයේ සද්ධාරත හිමියන් ප්‍රකාශයක් සිදු කරමින් රජයට සහ අදාළ අමාත්‍යවරයාට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිවස සහ ඔහු ලබාදුන් දානයක් පිළිබඳව කතා කරන බව පවසන උන්වහන්සේ, එම නිවස ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වන බවද පෙන්වා දෙති.
විශේෂයෙන්ම මෙම නිවස නිස්සංඛ සේනාධිපති විසින් ලබා දුන් එකක් බවට ඇතැමුන් පවසන බව උන්වහන්සේ සඳහන් කරති.
අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් "තමන්ට ඇමතුමක් ලබා දුන් සැනින් මිතුරන් සිය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් කෝටි පහක මුදලක් ලබාගත හැකි" බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද සද්ධාරත හිමියන් මෙහිදී ප්‍රශ්න කරති.
එම මිතුරන් කවුරුන්ද යන්න සහ මෙම නිවස ගොඩනැගූ ආකාරය පිළිබඳව පැහැදිලි හෙළිදරව්වක් කරන ලෙස උන්වහන්සේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති. "මිනිස්සු අන්දන්න හදන්න එපා, ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද කියලා හෙළි කරන්න" යැයි උන්වහන්සේ අවධාරණය කරති.
ජනතාව රවටන පාලකයන්ට අත්වන ඉරණම පිළිබඳව අතීත උදාහරණ පෙන්වා දෙමින් සද්ධාරත හිමියන් පවසන්නේ, යුද්ධය ජයග්‍රහණය කළ රාජපක්ෂවරුන්ට පවා ජනතාව මුලා කිරීමට උත්සාහ කිරීම නිසා අවසානයේ සැඟවී සිටීමට සිදු වූ බවයි.
ජනතා විශ්වාසය බිඳී ගියහොත් වත්මන් ජනාධිපතිවරයාට හෝ අමාත්‍යවරුන්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවට උන්වහන්සේ අනතුරු අඟවති.
තමන්ට මෙම ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගෙදර යැවීමේ කිසිදු වුවමනාවක් නොමැති බවත්, ඔවුන් අසාර්ථක වුවහොත් යළිත් බලයට එන්නේ පන්නා දැමූ හොරුන් බැවින් එය රටට විනාශයක් වනු ඇති බවත් සද්ධාරත හිමියන් පවසති.
ඔබතුමාලට සැප සම්පත් ලැබුණාට අපේ ප්‍රශ්නයක් නැහැ, හැබැයි ඒවා ජරා සල්ලි වෙන්න එපා යැයි උන්වහන්සේ පවසති.
තමන් මෙම ප්‍රකාශය කරන්නේ වෛරයකින් නොව, ජනතාව තැබූ අවසන් විශ්වාසය ආරක්ෂා කරමින් මෙම පාලනය සාර්ථක වනු දැකීමේ අභිලාෂයෙන් බවද සද්ධාරත හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටිති

ඉතින් අපිට පාන්ද. ඒ මනුස්සය ගෙයක් හදාගෙන එච්චරයි.
ReplyDeleteඕක ඔච්චර කියවන්න දෙයක්ද. මාලිමාවෙ උන්ම තමයි ඔය මානසිකත්වය හැදුවේ. මිනිහෙක් ගෙයක් හැදුවම, වාහනයක් ගත්තම ඌ හොරෙක් කියලා කියන එක. කල කම් පලදේ තමයි ඉතින්. හැබැයි අපි නම් පෞද්ගලිකව මනුස්සයෙක් ගෙයක් හැදුවා කියන එක ඇදලා ගන්නවට කැමති නැහැ. බයියෙක් විදියට මට නම් හරිම සතුටුයි. ගෙයක් හදලා ලස්සනට දානයක් දීල තමයි ගෙවැදුනේ. පක්ශෙ උන්ට බම්බු ගහ ගන්න කියලා, ලාල් බුද්ධාගමට මුල් තැන දුන්නා. ලාල් ඔබට ජයම වේවා! හැබැයි පුතෝ හාමුදුරුවන්ට බනින්න නම් තියාගන්න එපා. එහෙම උනොත් නම් ඉතින් අපිට ඔබට විරුද්ධ වෙන්න වෙනවා.
ReplyDelete“මිනිස්සු අන්දන්න හදන්න එපා, ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද කියලා හෙළි කරන්න" රාජංගනේ සද්ධාරතන හිමි අමාත්‍ය ලාල් කාන්තගෙන් අසයි.
මොලයක් තිබෙන ඕන පොඩි ළමයෙකුට තේරෙනවනේ ඕක…
ගෙය හදන්නේ බිම ගෙපළ පිරිසිදු කොට, ගෙට ප්ලෑන් එකක් අනුව නූල ගසා, අත්තිවාරම් කපා, මුල් ගල් තබා, බේස් වළවල්, කණු කොන්ක්‍රීට් කර, බිත්ති බැඳ, උළුවහු ජනෙල් තබනවානම් උළුවහ, ජනෙල්, තබා, බීම් ස්ලැබ් එක කොන්ක්‍රීට් කොට ඉතිරි කණු ද ඒලෙස කොට බිත්ති බැඳ වහල ගසා, වහල සෙවිලි කොට, බිත්ති කපරාරු කොට, බිම කොන්ක්‍රීට් කොට සිමෙන්ති දමා හෝ ටයිල් අතුරා, දොර ජනෙල් අල්ලා, සිවිලින් ගසා, නිවසට අවශ්‍ය අනෙකුත් දෑද කර, තීන්ත ආලේප කොට ගේ වැඩ නිම කළ හැක.
“මිනිස්සු අන්දන්න හදන්න එපා, ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද කියලා හෙළි කරන්න"
යනුවෙන් බොළඳ ප්‍රශ්න ලාල් කාන්ත අමාත්‍යවරයාගෙන් ඇසීම කිසිසේත් ම සුදුසු නැත. අමාත්‍යවරයෙක් ලෙස වැදගත් විදියට ඉන්න හඳන කොට ඔවැනි ප්‍රශ්න අසන්නේ ඊර්ෂ්‍යාකාර කුහකයන් නො වන්නේ ද?
අඩු ම වශයෙන් අර මැරුම් කන්න හිටිය රිලා වඳුරු රැළවත් ඔහොම ප්‍රශන් අසන්නේ නැත; උන්ටත් මොළයක් තිබෙනවා මේ ගැන, වට පිටාවේ මිනිස්සු ගෙවල් හඳන හැටි දැකලා…