ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
පවතින අධික පිරිවැය හමුවේ ජාත්‍යන්තර ගුවන් සේවා සිය මෙහෙයුම් සීමා කිරීමට පියවර ගනිමින් සිටීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
පසුගිය මාස දෙකක කාලය තුළ කොළඹ සිට චීනයේ Kunming සහ Shanghai දක්වා වූ ගුවන් ගමන් මෙහෙයුම් පිරිවැය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම දත්ත අනාවරණය කරයි.
මෙම දැවැන්ත මූල්‍ය පීඩනය හමුවේ China Eastern Airlines ආයතනය එළඹෙන මැයි මාසයේ කොළඹට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 19 ක් අවලංගු කිරීමට තීරණය කර ඇත.
ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පැවතියහොත් ශ්‍රී ලංකාව වෙත සිදු කරන මෙහෙයුම් පිළිබඳව යළි සලකා බැලීමට සිදුවන බව ද එම ගුවන් සමාගම අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට චීනයෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෙම වසරේ මේ දක්වා චීනයෙන් සංචාරකයින් 54,580 ක් මෙරටට පැමිණ ඇති අතර, එය ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන රටවල් අතර පස්වන ස්ථානයයි.
එවැනි පසුබිමක චීන ඊස්ටර්න් වැනි ප්‍රධාන ගුවන් සේවාවන් සිය ගමන් වාර සීමා කිරීම සංචාරක පැමිණීමට සෘජු බලපෑමක් වනු ඇත.
ගුවන් සබඳතා අඩුවීම හරහා සංචාරක කර්මාන්තයේ ප්‍රකෘතිමත් වීමට මෙන්ම විදේශ වෙළඳාමට ද අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.
ඉන්ධන මිල ගැටලුව සඳහා කඩිනම් විසඳුමක් නොලැබුණහොත්, ඉදිරි මාස කිහිපය තුළ සංචාරක කර්මාන්තය බරපතල පසුබෑමකට ලක්විය හැකි බවට පාර්ශ්ව රැසක් අනතුරු අඟවති.

ජයශාන්ත ලග තෙල් තියානව ඉල්ලල දෙන්න ද ?
ReplyDeleteමුන්ට රට කරන්න තේරෙන් නෑ
හොර ඩිග්‍රී කාරයෝ