WhatsApp ගිණුම් හරහා "Sri Lankan Airline” ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා ''Sri Lankan.apk" යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.
https://srilankan.wuozgo.cc, https://srilankan.vaco.cc https://srilankan.krgo.cc යන වෙබ් අඩවි හරහා Sri Lankan.apk යෙදුම භාගත කරවීම සිදු කරනු ලබන අතර මෙම යෙදුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත් යෙදුම ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවසර ලබා ගැනීම සිදුවන අතර ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කරගැනීමේ හැකියාව ලැබෙන බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදුකරවීමට සලස්වමින් One Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනා ගැනීම) ලබා ගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බව අනාවරණය වී ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරනු ලබන බවට නිරීක්ෂණ වී ඇත.
දුරකථන අංක :-
- 077-4558361
- 011-7771979
- 074-1142208
- 077-5791209
- 0743268200
ක්ෂණික මූල්‍ය වාසි ලබා ගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරව වාර්තා වන බැවින් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ආපෝ ලපයාගේ පාලනය යටතේ රටට වෙන්න තියන ඔක්කොම අපහාස වෙනවා. ලප ශාපය.
ReplyDelete