මහවැලිය අඩියටම හිදේ... පානීය ජලය දැඩි අර්බුදයක..

 


ජාතික ජල සම්පාදන හා ජලාපහණ මණ්ඩලයට අයත් කොණ්ඩසාලයේ බලගොල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව විශාල වශයෙන් රොන්මඩ එකතු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුමට දැඩි බාධා එල්ල වී තිබේ.

මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළ බැසීම හේතුවෙන් මෙම රොන්මඩ තත්ත්වය හටගෙන ඇති අතර, මේ නිසා කොණ්ඩසාලය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇත.

මේ වන විට බලගොල්ල සහ කොණ්ඩසාලය යන ප්‍රදේශවලට ජල සැපයුම සිදු කරන්නේ අඩු පීඩන තත්ත්වයක් යටතේ බව වාර්තා වේ.

පවතින මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට ජලය කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් ද උද්ගත වී තිබේ

Previous Post Next Post