තලහිටිය ප්‍රදේශයේ විද්‍යාලයක 8 වැනි වසරේ ඉගෙනුම ලබන රෝගී තත්ත්වයකින් පසුවන සිසුවකුට, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් දණගස්වා පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉකුත් 20 වැනිදා පාසල් වාරය ආරම්භ වූ දිනයේ අදාළ සිසුවා පන්තිභාර ගුරුවරියට කේක් ලබා දී ඇත්තේ එක් අතකිනි. එය දුටු විදුහල්පතිවරයා, සිසුවාට ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙස දන්වා අවස්ථා පහකදී දණගස්වා ඔහුගේ කනට සහ පිටට පහර දී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පහරදීම හේතුවෙන් සිසුවාගේ කනෙන් ලේ වහනය වී ඇති අතර, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔහුගේ කන් බෙරයට හානි වී ඇති බවයි. සිසුවා දැනට නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පහරදීමට සම්බන්ධ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 23 වැනිදා පොලිසිය පාසල වෙත ගියද ඔහු එහි රැඳී සිට නැත.
දරුවා දින තුනක් රෝහල්ගතව සිටියද විදුහල්පතිවරයා හෝ පාසලේ කිසිදු ගුරුවරයකු දරුවාගේ සුවදුක් බැලීමට හෝ ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු නොකළ බවට මවුපියෝ චෝදනා කරති.
පහරදීමේ ශබ්දය පාසල අසල මාර්ගයේ සිටි දරුවාගේ පියාට ද ඇසී ඇති අතර, දරුවාගේ මිතුරන් ද පියා වෙත මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.

Mahinda Jayasihgha and Stalin please take the action against the principle.
ReplyDeleteමේ පිනා අසහනයන් පෙලෙන මාලිමා කාරයෙකු වගෙ පෙනේ.
ReplyDelete