ලොරි රථයක් නිවසක් මතට පෙරලේ..

 


නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලරෝ ලොරි රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී මෙම අනතුර සිදු වී ඇත් බවත්, අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

අනතුරින් එම නිවසට සහ බොලරෝ ලොරි රථයටද හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post