අපි ඕස්ට්‍රේලියා ණය ගෙව්ව ඊමේලයට මගදි හැකරුන් පැනලා ගිණුම් අංක වෙනස් කර ඔවුනට සල්ලි හරවාගෙන..- මාලිමා මන්ත‍්‍රී


 ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22කට අධික ණය මුදලකින්, ඩොලර් මිලියන 2.5ක වාරිකයක් පියවීමේදී සිදුවූ සයිබර් අපරාධයක් හේතුවෙන් එම මුදල් තෙවන පාර්ශවයක ගිණුමකට බැර වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා අනාවරණය කරයි.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම ණය මුදල පියවීම සඳහා යවන ලද ඊමේල් පණිවිඩය අතරමගදී සයිබර් අපරාධකරුවෙකුගේ (Hacker) ග්‍රහණයට පත්ව ඇති බවයි. 

එහිදී අදාළ අපරාධකරු විසින් ඊමේල් පණිවිඩයේ තිබූ ගිණුම් අංක වෙනස් කර, මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව හෙළි වී තිබේ.

මෙවැනි සයිබර් අපරාධ ඕනෑම රාජ්‍යයකට සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය දැනටමත් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නසිරි මහතා, විපක්ෂය මෙම සිදුවීම රජය විසින් සිදුකළ වංචාවක් හෝ හොරකමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවට චෝදනා කළේය. 

"විපක්ෂය හැමවෙලේම බලාගෙන ඉන්නේ අපි හොරකම් කළා, වංචා කළා කියලා කියන්න. නමුත් මෙය සයිබර් අපරාධයක්," යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

7 Comments

  1. Konde bandapu cheenunta ova kiyapan. Lankave bahutharayk okath gili anpitinma. Kiyana ekata ugath kamak thiyanawada? Nathnam dana dana boru kiyanawada? Ugandawe kathawa wage. Meka siddiyata aluthma ekak.


    ReplyDelete
    Replies
    1. මගේ gmail එකේවත් ඔහොමවෙලා නැහැ

      මේ පකයල email කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ

      නනදලාල් කියන එකට ලජ්ජා තියෙනවනම උබට බැනපු පකයෝ එක්ක වැඩ කරිද

      කමක් නැහැ උබේ epf % වැඩිකර ගත්තනේ

      Delete
  2. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?

    ReplyDelete
  3. E mail එක plane එකේ යන විට හැකර්ලා අරගෙන නේ. මේවා කියන්නේම මුන්ගේ ගොන් පාක්ෂිකයා මේවට රැවටෙන නිසාමයි.

    ReplyDelete
  4. මේ සල්ලි ටික හොඳට බන්ඩල් කරලා බැඳලා ලාකඩ තියල සීල් කරලා ලියුම් කවරෙක දාල ඔස්ට්‍රේලියාවට යවන කොට මගදී ඒක ගෙනියන බෝට්ටුවට හැකරෙක් පැනල බංකුවේ මාත්තුරුන්ගේ අත් ගැටගහල බැඳලා සල්ලි බන්ඩල් ටිකත් අරං වෙන බෝට්ටුවකින් පැනල ගිහිං
    ඕනන ඕකයි ඇත්ත සිද්දිය


    ReplyDelete
  5. ඔය විදිහටම ඕස්ටේලියාවේ ණය ගත්ත ආයතනයට කියපං. උන් කියාවි කමඛ් නෑ මචං නෝ පොබ්බම් කියලා. ලංකාවේ මිනිස්සු නම් ලෑස්ති නෑ බදු මුදල් වලලින් දෙපාරක් එකම ණය පියවනවාට.ඒක මතක තියාගනින්.

    ReplyDelete
  6. Moda mee harakek...

    ReplyDelete
Previous Post Next Post