බදාදා දිනවලදී රජයේ සේවකයින් වෙනුවෙන් ලබා දී තිබූ විශේෂ නිවාඩුව මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, අප්‍රේල් මස 08 වන දින සිට සියලුම රාජ්‍ය නිලධාරීන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
මෙම නව තීරණය පිළිබඳව නිල වශයෙන් දැනුම්වත් කිරීම සඳහා වන චක්‍රලේඛය නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය කාලසීමාවේ රට තුළ පැනනැඟුණු අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
එම ක්‍රමවේදය මෙම සතියේ සිට නිමාවට පත්වනු ඇත.

සති දෙකකට මොන ලබ්බකටද නිවාඩු දුන්නෙ?.
ReplyDeleteThel gana wadi karala podi chun ekak dunna
Deleteelnaga niwaduwa light bill wadikarahama
Deleteහා හාහා පිස්සු බල්ලො රැලක් රට පාලනය කරනකොට රටටම පිස්සු
ReplyDeleteහොද වැඩේ. සත පහක වැඩක් කර්න්නෙ නෑ රජයේ සේවකයෝ. මේවා බලන්න නිලදාරීන් නෑ. නිලදාරිනුත් නිදි
ReplyDelete