ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වන්නටත් මත්තෙන්, ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් එම එකඟතාව බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි, මෙම සටන් විරාමය ක්‍රියාත්මක වීමට නම් ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයට බාධාවකින් තොරව ඉඩ දිය යුතුය.
\මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා ලබන සිකුරාදා පාකිස්තානයේ මැදිහත් වීමෙන් ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබුණි.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය ද මෙම සති දෙකක සටන් විරාමය පිළිගන්නා බව නිවේදනය කළ නමුත්, යුද්ධය තවම අවසන් වී නැති බවත් සතුරන්ගේ ඕනෑම පියවරකට දැඩිව ප්‍රතිචාර දක්වන බවත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, සටන් විරාමය ප්‍රකාශයට පත් කර සුළු වේලාවකින්, එනම් බදාදා අලුයම ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට බැලිස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. මේ හේතුවෙන් ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වූ අතර ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් එම මිසයිල අහසේදීම විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, සෞදි අරාබියේ ජුබයිල් රසායනික කර්මාන්ත ප්‍රදේශයට ද ඉරාන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ද මිසයිල අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ සටන් විරාම එකඟතාව මධ්‍යයේ වුවද ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය තුළ සිය ප්‍රහාරක මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවයි.
ඊශ්‍රායල නිලධාරීන් මෙම සටන් විරාමය පිළිබඳව මුල සිටම සැක පළ කළ අතර, ඇමරිකාවේ උපදෙස් මත එයට එකඟ වුවද ඔවුන් පවසන්නේ ඉරානය තුළ විනාශ කිරීමට තවත් ඉලක්ක රැසක් පවතින බවයි.
මීට පෙර මාර්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප් යනු ඊශ්‍රායලයේ මිතුරෙකු සහ නායකයෙකු බැවින් ඔහුගේ තීරණවලට ගරු කරන නමුත් සටන් විරාමයකදී ප්‍රහාර නතර කරන්නේද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් වූයේ පසුගිය සති කිහිපය තුළ දෙපාර්ශවය අතර පැවති දරුණු ගැටුම් මාලාවකින් පසුවය. පසුගියදා ඉරානයේ කාර්ග් දූපතේ මිලිටරි ඉලක්ක වෙත ඇමරිකාව ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානියා ද මිය ගියේය,.
සටන් විරාම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තාවකාලිකව පහත වැටුණ ද, කලාපය තුළ පවතින අස්ථාවර මිලිටරි වාතාවරණය හමුවේ සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත වී ඇත. මේ වන විට ඊශ්‍රායලය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර ද නතර කර ඇති බවට කිසිදු සලකුණක් දක්නට නැත.

මැදපෙරදිග කලාපයේ ආතතිය අඩු කිරීමට, විශේෂයෙන් හෝර්මුස් සමුද්‍ර මාර්ගයේ අර්බුදය සහ ඉරාන–ඇමරිකා සන්ධාන විරාමය සම්බන්ධයෙන්, පකිස්තාන අගමැති ශෙහ්බාස් ශරීෆ් මහතා නිතරම ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සම්බන්ධ වී ජාත්‍යන්තර ගැටළු විසඳීමට ඔහුගේ උපදෙස් ලබාගනී.
ReplyDeleteමෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්ව ආකල්ප හා ප්‍රතිපත්ති දිශාවද පිළිබිඹු කරයි.
හෝල් සේල් ෆුකදෙමු
Deleteඅනුර කුමාර දිසානායකගේ නායකත්ව ආකල්ප nemei, uge punchi ammage hutte ආකල්ප
Deleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි. රටේ ප්‍රශ්න විසඳගන්නත් බෑ ඩෝබිලා කියනවා ලොක්කාගෙන් ජාත්‍යන්තරේ උපදෙස් ගන්නවලු. ගල් අඟුරු කාලා බලලා හොඳ නරක කියන්න නම් ගන්නවා ඇති.
Delete
ReplyDeleteජිහාඩ් ඌරු හම්බාවන් මරමු
මෝඩ ක්‍රිස්තියානි කුරුස පිස්සෝ......මොකදගේ ලේ බොන්න දෙන්න ඕන මුන්ට
Delete