සීල් තැබූ ගල් අගුරු සමාගම යලි අරී..

 


පසුගියදා රජයේ අපරාධ පරීක්ෂණ අංශයේ (CID) නිරීක්ෂණයට ලක්ව මුද්‍රා තැබුණු කොහුවල පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ මූලස්ථානය, ඊයේ (15) දින සිට යළිත් විවෘත කළ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

2009 වසරේ සිට මෙරටට ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සඳහා ඉකුත් 11 වනදා පස්වරුවේ මෙම කාර්යාලයට මුද්‍රා තබන ලදී.

පරීක්ෂණවලට අත්‍යවශ්‍ය වන ලිපිගොනු සහ සාක්ෂි රැස්කිරීමේ කටයුතු ඊයේ දිනයේදී නිලධාරීන් විසින් නිම කර ඇත.

අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව, සමාගමේ පරිපාලන සහ දෛනික සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට දැන් අවසර හිමිව තිබේ.

අත්පත් කරගත් ලේඛන සහ දත්ත විශ්ලේෂණය කිරීමේ විශේෂ මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ආරම්භ කර ඇත

3 Comments

  1. අමන ආන්ඩුව. තමන් වැරදී කියල පිලිගත්තා.

    ReplyDelete
  2. මෙයාලට ණඩු වැටෙන ලිපිගොනු ටික අයින්කරගන්න ඇති. මෙහෙමත් හොරු.

    ReplyDelete
  3. සද්දෙ වෙන පැත්තකට හරවන්න වගේ හදන්නේ.

    ReplyDelete
Previous Post Next Post