තවත් බද්දක් අනුමතයි...


 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ඉකුත් 07 දා පැවති අතර පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත විය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම් සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර ඇත.

මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කෙරේ. 

එමෙන්ම සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ විධිවිධාන ද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර ඇත.

4 Comments

  1. පුනරුදය

    ReplyDelete
  2. මොන බද්දක් ගැහුවත් අන්තිමේදී ඕවා ඔක්කොම ගෙවන්න වෙන්නෙ මහජනතාව වන අපිටම තමයි.

    ReplyDelete
  3. සී ජේ අහමඩ්April 12, 2026 at 9:49 AM

    නැමොලයා ගේ ගොන්සන් ල දැනගන්න ඕනේ රාජපක්ෂ ආංඩු කලේ තමය වැඩිපුරම බදු ගැව්වේ කියල. මෙම බද්ද ආණ්ඩුව ප්‍රායෝගිකව හිතල මිනිස්සුන්ට සහනකාරි විදියට දෙන්න ඕනේ හැබය් බය්යෝනට කිසිම සදාචාරාත්මක අය්ටියක් නැ ආණ්ඩුවට බනින්න

    ReplyDelete
    Replies
    1. හිගන්නට අස්වැසුම වැඩියෙන් දීලා මිනිස්සුන්ගේ බදු ගහන්නේ ලපයා ආණ්ඩු කරන කාලේ

      Delete
Previous Post Next Post