සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ඉකුත් 07 දා පැවති අතර පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත විය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම් සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර ඇත.
මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කෙරේ.
එමෙන්ම සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ විධිවිධාන ද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර ඇත.

පුනරුදය
ReplyDeleteමොන බද්දක් ගැහුවත් අන්තිමේදී ඕවා ඔක්කොම ගෙවන්න වෙන්නෙ මහජනතාව වන අපිටම තමයි.
ReplyDeleteනැමොලයා ගේ ගොන්සන් ල දැනගන්න ඕනේ රාජපක්ෂ ආංඩු කලේ තමය වැඩිපුරම බදු ගැව්වේ කියල. මෙම බද්ද ආණ්ඩුව ප්‍රායෝගිකව හිතල මිනිස්සුන්ට සහනකාරි විදියට දෙන්න ඕනේ හැබය් බය්යෝනට කිසිම සදාචාරාත්මක අය්ටියක් නැ ආණ්ඩුවට බනින්න
ReplyDeleteහිගන්නට අස්වැසුම වැඩියෙන් දීලා මිනිස්සුන්ගේ බදු ගහන්නේ ලපයා ආණ්ඩු කරන කාලේ
Deleteලංකාවේ දැන් දේශපාළණය ඉන්දියාවේ ක්‍රමයට යන්න හදන්නේ. ඉන්දියාවේ බදු වැඩියි. ව්‍යාපාර වලට, ආදායමට, ගෙවල් වලට, භාණ්ඩ හා සේවා වලට, රථවාහන වලට, සේවා වලට, මහල් නිවාසයක ඉන්නවා නම් අය කරන නඩත්තු මුදල මත, සමහර ප්‍රාන්ත වල තියෙන හිගන බද්ද, සෞක්‍යය සේවය මත තියෙන බද්ද. මේ වගේ සෑහෙන්න බදු ඉන්දියාවේ තියෙනවා. නමුත් මිනිස්සුන්ට කිසිම සෙතක් වෙන්නෙත් නෑ. සෞඛ්‍යය සේවය නිකම් දුන්නට ආණ්ඩුවේ රෝහල් වල සේවය අන්තිමයි, ඒක නිසා මිනිස්සු පෞද්ගලික රෝහල් වලට යන්නේ. අධ්‍යාපනය උනත් ආණ්ඩුවේ ගූණාත්මක භාවයක් නෑ. ඒක නිසා මිනිස්සු පෞද්ගලික පාසැල් වලට යන්නේ. ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ජීවත් වෙන්නේ ගේටට් කොමියුනිටි වල මුරකරුවෝ දාගෙන. ආණ්ඩුවෙන් එකතු කරගන්නා සල්ලි වැඩිපුරම දෙන්නේ ෆ්රීබී වලට. දුප්පත් උන්ට නිකම් හැමදේම වගේ ලැබෙනවා. ඒ නිසා උන් හැමපාරම වගේ පවතින ආණ්ඩුවට ජන්දය දෙන්නේ. ලංකාවේත් වෙන්න යන්නේ මේ වගේ සිස්ටම් එකක්. මධ්‍යම පාන්තියෙන් සල්ලි අරගෙන, දුප්පතුන්ට දෙන සිස්ටම් එකක් ලංකාවේ නිර්මාණය වේගෙන යන්නේ. ධනවත් උන්ගෙන් සල්ලි ගන්න ලේසි නෑ මොකද උන් සල්ලි හංගන්න දක්ෂ නිසා.
ReplyDelete