මිදිගත වෙඩි තියයි...

 මිදිගම පොලිස් වසමට අයත් යාහුවත්ත, ගංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවකදී වෙඩි තැබීමක් සිදුව ඇත. 

රාත්‍රී 11.40 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් නිවසේ දේපළවලට හානි සිදුව ඇති නමුත්,  කිසිදු පුද්ගලයෙකුට අනතුරක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය තහවුරු කරයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් හෝ ඒ පිටුපස ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මිදිගම පොලිස් ස්ථානය විසින් ආරම්භ කර තිබේ.



1 Comments

  1. පොජපෙ කෙනෙකුගේ ගෙයක් නේද?

    ReplyDelete
Previous Post Next Post