මාලිමාවෙන් තද තීන්දුවක්.. ජයකොඩි පන්නවාද..? මාලිමා මහ ලේකම්ගෙන් ප‍්‍රකාශයක්..


ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අවසන් වන තෙක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි
.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් විසින් අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම් කර තිබුණ ද , ආණ්ඩුව එම ඉල්ලීම්වලට මේ අවස්ථාවේ එකඟ නොවන බව මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම ගනුදෙනුවේදී කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බවත්, යම් අතපසුවීම් සිදුව ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම අතපසුවීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිව යුතු ද යන්න ඉදිරි විමර්ශන මගින් අනාවරණය කර ගැනීමට නියමිතය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) මගින් විමර්ශනය කරනු ලබයි. එම කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව රජය සුදුසු පියවර ගනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් අපරාධමය වරදක් සිදුව ඇති බව එම නිර්දේශ මගින් හෙළි වුවහොත්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ද සඳහන් කර තිබේ.

රජය මෙම විමර්ශන ක්‍රියාවලියට කිසිදු අයුරකින් මැදිහත් නොවන බවත් , විමර්ශන නිර්දේශ අනුව ඉදිරි තීන්දු ගන්නා බවත් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

1 Comments

  1. හොරු රකිමු. හොරුන්ව ආරක්ෂා කරමු.

    ReplyDelete
Previous Post Next Post