රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ප්රමුඛ පෙළේ වගකීමක් දරන නිලධාරිනියක එම ධුරයෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා විශේෂිත සම්මතයකට එළඹීමට ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගත නොවීම සහ ඇතැම් අවස්ථාවලදී රජයේ කටයුතු අඩපණ වන අයුරින් ක්‍රියා කිරීම, කළමනාකරණ ක්ෂේත්රයේ පවතින අඩුපාඩු මෙන්ම විවිධ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා, රජයේ රහස්‍ය දත්ත සහ තොරතුරු විරුද්ධ පක්ෂය ඇතුළු බාහිර කණ්ඩායම් වෙත ලබා දෙන බවට පවතින සැකය ඉවත් කිරීමට බලපා ඇති ප්‍රධාන හේතු වේ.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර සිටියේ, අදාළ නිලධාරිනිය එම තනතුරට පත් කළ අවස්ථාවේ පටන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් සහ දෝෂාරෝපණ එල්ල වෙමින් පැවති බවයි.

මුන්ගෙ කැත වැඩ හෙලිකරන නිලදාරීනියක් වෙන්න ඇති. ගල් අගුරු හොරු
ReplyDeleteඔව්,ඔව් අපුල්ලන්නෙක් දා ගනිල්ලා.
ReplyDeleteCan easily guess who it will be in present da context !
ReplyDeleteවිගණකාධිපති පත් කිරීම ප්‍රමාධ කළෙත් මුන්ට ඕනෙ පුළන්නෙක් දා ගන්න. ඒත් හරිගියේ නැහැ. බැරිම තැන ගරු අධිකරණයට පින් සිද්ධ වෙන්න උන්ට කෙනෙක් පත් කරන්න උණා. ඒ විගණකාධිපතිම කියනව ගල් අඟුරු වල මහා පරිමාණ වංචාවක් තියෙනව කියලා. මේකත් ඒ වගේම දෙයක් තමයි.
ReplyDeleteකතානායක පොන්සියා ගැන පැමිණිලිකල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට අත්වුන ඉරණම මේ වාර්තාව
ReplyDeleteපිලියලකල විගණකාධිපතිවරියටත් සිද්ධ වෙයිද?
නීත්‍යානුකූලව පත්කල විගණකාධිපතිවරියව බොරු චෝදනා ගොතල අයින් කලොත් එතුමියටත් තියෙන්නෙ පාර්ලිමේන්තුවේ
Deleteහිටපු නියෝජ්‍ය මහලේකම් කුලරත්න මහතා කලආකාරයටම නීතියේ පිහිට පතන්නත්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි
කරන්ඩත්.
කුලෙ අය්යගෙ නොනා
ReplyDeleteකුලෙ අය්යගෙ නොනා
ReplyDelete