ලෝක තෙල් වෙළඳාමේ තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දියානු ධජය සහිත වෙළඳ නෞකා දෙකකට ඉරාන ප්‍රහාරක යාත්‍රා මගින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
ඕමානයට ඊසාන දෙසින් වූ මුහුදු තීරයේදී අද දින මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තා වූ අතර, ඉන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත් නෞකාවලට හානි සිදුවී නොමැති බවත් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම නෞකා ද්විත්වයෙන් එකක් දැවැන්ත ප්‍රමාණයේ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් (VLCC) වන අතර, ප්‍රහාරයත් සමඟ සිය ගමන් මග වෙනස් කර ආපසු හැරී ඒමට එම නෞකාවලට සිදුවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වෙමින් ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා කැඳවා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ඉන්දියාව සැමවිටම වෙළඳ නෞකාවල සහ නාවිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ඉන්දියානු විදේශ ලේකම්වරයා, මීට පෙර අවස්ථාවලදී ඉන්දියාව බලා යාත්‍රා කළ නෞකාවලට ඉරානය ලබාදුන් සහයෝගය ද මෙහිදී සිහිපත් කළේය.
මෙවැනි වෙඩි තැබීම් වෙළඳ නාවික ක්ෂේත්‍රයේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, ඉන්දියාවේ විරෝධය ඉරාන බලධාරීන් වෙත දන්වන ලෙසත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව බලා එන නෞකාවල ආරක්ෂාව යළි තහවුරු කරන ලෙසත් ඉල්ලීමක් කළේය.
කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන මෙහෙයුම් පද්ධති අතර ඇතිවූ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බව විශ්ලේෂකයෝ පවසති.
පවතින යුද ආතතිය හමුවේ මෙවැනි සන්නිවේදන දුර්වලතා හේතුවෙන් අත්වැරදීම් සිදුවීම මීට පෙර අමෙරිකානු මෙහෙයුම්වලදී ද වාර්තා වී තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සිය රජයට දැනුම් දීමට ඉරාන තානාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇත.

Sandun Dhammika
ReplyDeleteGuys we need to call US marine forces immediately.
ReplyDeleteටෙහෙරාන් නගරය තුලට ඇමෙරිකානු මෙරින සෙබළුන් බස්සවමු !
මම මේ සදහා ට්‍රුමප් ඇමතීම කල යුතුයි.