ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව, රුසියානු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වන දිමිත්‍රි මෙද්වදෙව් ලෝක දේශපාලන කරළිය කැළඹෙන ප්‍රකාශයක් සිදු කර ඇත. රුසියාවේ හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිවරයා ද වන ඔහු පෙන්වා දෙන්නේ, ඉරානය සතු සැබෑ "න්‍යෂ්ටික අවිය" හෝමූස් සමුද්‍ර සන්ධිය බවයි.
මෙවර යුද්දයේදී ඒය අත්හදා බැලූ බවත් ඒය සාර්ථක බවත් පවසන ඔහු ඇමරිකාව සමඟ ඇති කරගත් එකඟතාවල අවසාන ප්‍රතිඵලය අපැහැදිලි වුවද, මෙම මුහුදු මාර්ගය හරහා ඇමරිකාවට එල්ල කළ හැකි බලපෑම අසීමිත බව සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබේ.
පෙබරවාරි 28 වැනිදා ගැටුම් ආරම්භ වීමත් සමඟ ඉරානය විසින් මෙම තීරණාත්මක බලශක්ති සැපයුම් මාර්ගය වසා දැමූ අතර, ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ලබාදුන් අවසන් නිවේදනයට පෙර, දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීමට හැකි විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ, ඉරානයේ සිදුකළ මෙහෙයුම් විශිෂ්ට ජයග්‍රහණයක් බවත්, ඉදිරි ආරක්ෂක කටයුතු සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අඛණ්ඩව ඇමරිකානු හමුදා රැඳී සිටින බවත්ය.
මෙම සටන් විරාම කාලය තුළ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බව ඉරාන අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක හමීඩ් හොසෙයිනි පවසා ඇත. නෞකා හරහා අවි ආයුධ ප්‍රවාහනය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කාලය ගන්නා බවත්, ඒ සඳහා කිසිදු හදිසියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය. තවද, සම්බාධකවලින් බේරීම සඳහා නෞකාවලින් අයකරන ගාස්තු ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) හරහා ලබාගැනීමට ඉරානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රාවලින් ගාස්තු අය කිරීමේ ඒකාබද්ධ පද්ධතියක් පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර තිබුණද, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මීට පෙර එය නීතිවිරෝධී සහ අනතුරුදායක ක්‍රියාවක් ලෙස හඳුන්වා දුන්නේය. මෙම ගාස්තුවලින් කොටසක් ඕමානයට ලබාදීමට ද යෝජනා වී ඇත.
සටන් විරාමයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, බ්‍රෙන්ට් (Brent) තෙල් මිල සියයට 14 කින් සහ ඩබ්ලිව්.ටී.අයි. (WTI) තෙල් මිල සියයට 17 කින් ද පහත වැටී ඇත. කෙසේ වෙතත්, ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල තවමත් ඉහළ අගයක පවතින බව වාර්තා වේ

⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡿⢋⡉⢻⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
ReplyDelete⣿⣿⣿⣿⣿⣿⣿⣿⡿⢋⣴⣿⡿⢂⣽⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿⣿⣿⡿⢋⣴⣿⡿⢋⣴⡿⢋⣤⡉⢻⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿⡿⣿⣄⠻⣿⣿⣦⡙⢋⣴⣿⣿⣿⣦⡙⢿⣿⣿⣿⣿
⣿⣿⡿⢋⣴⣌⠻⣷⣌⠻⣿⣿⣿⣿⠟⣡⡙⢿⣿⣦⡉⢻⣿⣿
⣿⣿⣧⣈⠻⣿⣷⣌⢋⣴⣿⣿⣿⣿⣦⡙⢿⣦⡙⠟⣡⣾⣿⣿
⣿⣿⣿⣿⣷⣌⠻⣿⣿⣿⠟⣡⣌⠻⣿⣿⣦⠙⣿⣾⣿⣿⣿⣿
⣿⣿⣿⣿⣿⣿⣧⣈⠛⣡⣾⠟⣡⣾⣿⠟⣡⣾⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣟⠡⣾⣿⠟⣡⣾⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣧⣈⣡⣾⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⠁⠉⠛⢿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⡍⠂ ⠙⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣷⡀ ⠙⣻⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣇ ⠑⢻⣿⢿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣇ ⠃ ⣸⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⡋ ⠠⣾⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣇ ⠶⡇⠈⢻⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿ ⠚⠯⠧ ⢠⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿
⣿⣿⣿⣿⡄ ⢸⣿⣿⣿⣿⣿⣿⠟⠛⠛⠛⠛⢿
⣿⣿⣿⣿⡇ ⢸⣿⣿⣿⣿⠋⠠⣾⣿⣿⣷⣦⣀
⣿⣿⣿⣿⡧ ⠘⣿⣿⣿⡇ ⠈⠙⠛⠋⡟⠿
⣿⣿⣿⣿⠁ ⣀ ⢿⣿⣟ ⠈⠳⢤⡽⡬⣧⣄
⣿⣿⣿⣿ ⢸⣿⣿⡀ ⠷⡀⠇ ⣿
⣿⣿⣿⣿ ⢼⣿⣿⣿ ⠃⢓⣀⣂⡠⢇
⣿⣿⣿⣿⡄ ⠸⣿⣿⠏ ⠈⠉⢉⣠
⣿⣿⣿⣿⡇ ⢰⢨⣮⡙⠶⢷⣔⣶⠲⣠⡶⣿
⣿⣿⣿⣿⣇ ⢀⠎⣤⣭⣷⡀⠻⢿⣿⣧⣩⡇⣝
⣿⣿⣿⣿⣿⡀ ⡘⠁⠉ ⣄⣯⡠⢀⠈⠻⣿⡞⣹
⣿⣿⣿⣿⣿⣷ ⢠⠁⣬⢒⠍ ⠒⣛⠷⣽⢷⠠⣌⠽⢟
⣿⣿⣿⣿⣿⣿⡆ ⠣⢞ ⠱⠠⠹⣽⡞⣿⣧ ⡜⡢
⣿⣿⣿⣿⣿⣿⡇ ⠊⣶⠒ ⠂⢱⡎⢱⣿⣿⢸⢪⠈
⣿⣿⣿⣿⣿⣿⣷ ⠒⣀⢃⡈⢐⡸⠉⢿⣿⣸⣷⣦
⣿⣿⣿⣿⣿⣿⣿⡄ ⠁⠈⠉⠚⠟⠟⣹⣛
⣿⣿⣿⣿⣿⣿⣿⡟⢃⣀⣀⣀⣀⣀⣀⡀ ⠃ ⡸
⣿⣿⣿⣿⣿⣿⢟⡵⣶⣿⣷⣶⡶⣺⢿⣟⣿⣷⣶⣤⡺⢅⣤⣧