ලොව ප්‍රධානතම බලශක්ති මගක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය පූර්ණ වශයෙන් ඉරානය සතු බවත්, එම මුහුදු සන්ධිය හරහා ගමන් කරන නෞකා සිය ගාස්තු ඉරාන ‘රියල්’ මුදලින් ගෙවිය යුතු බවත් ඉරාන නියෝජ්‍ය කථානායක හාජි බබායි ප්‍රකාශ කර සිටී.
'මෙහර්' පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ 'රතු ඉරක්' බව නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කළ බවයි.
ලෝකයේ බොරතෙල් සහ දියර ස්වභාවික වායු (LNG) සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය සම්බන්ධයෙන් මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත.
පකිස්ථානයේදී ඉරාන බලධාරීන් සමඟ පැය කිහිපයක සාකච්ඡාවලින් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කිසිදු සඳහනක් සිදු නොකිරීම විශේෂත්වයකි.
දෙරට අතර පවතින කොන්දේසි සහිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන අංගයක් වන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට සුරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසීමයි.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ සමුද්‍ර සන්ධිය "ඉතා ඉක්මනින් විවෘත වනු ඇති" බවයි.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස අමෙරිකානු නාවික හමුදාවට අයත් විනාශක නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවයි. නමුත් ඉරානය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය උපුටා දක්වමින් එරට රාජ්‍ය විකාශන ආයතනයක් වන IRIB සහ AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඕනෑම විදේශීය යුද නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට දරන උත්සාහයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අපි වැලිසර රඳවා ගෙන සිටින (සිර කර ගෙන සිටින) ඉරාන නාවික හමුදා සෙබළු නිදහස් කරන තුරු අපිට ඉරාන තෙල් නොලැබේ
ReplyDeleteඅපේ රටේ විදේශ ප්‍රතිපත්තිය, මෝඩි ගේ සාලුවේ එල්ලා ඇති අනුර කුමාර ට සොරි ගල් අඟුරු කුමාර ට පිං සිද්ධ වෙන්න අප ට තෙල් හිඟයකට මුහුණ දීමට සිදු වී තිබේ.
අපි BRICS නොගිය නිසා දැන් රුසියාව ද අපව ගණන් ගන්නේ නැත.
අප රටේ QR code ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත්තේ අනුර කුමාර ගේ සොරි ගල් අඟුරු කුමාර ගේ අමනෝඥ විදේශ ප්‍රතිපත්තියට පිං සිදු වන්න ට ය.
ගල් අඟුරු කුමාර
ReplyDelete