බිරිද අනියම් පෙම නතර නොකළැයි සැමියා විසින් නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි...


 වටවල පොලිස් වසමට අයත් වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචි 27 හැවිරිදි එක් දරු මව සිය සැමියා විසින් නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වටවල වැලිඔය වත්තේ යු.කේ.ඩී.කොටසේ සිය මවගේ නිවසේ පදිංචිව සිටි ශන්මුගනාදන් තිලකරාණි නැමති එක් දරු මවකි.

ඇය විදේශගතව සිට දැනට මාස 3කට ප්‍රථම සිය සැමියා පදිංචි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට සති දෙකකට ප්‍රථම ඇය සිය දරුවාද සමග වැලිඔය වත්තට පැමිණ ආපසු නිවසට නොපැමිණීමට උරණ වූ සැමියා (16) දින එම වතුයායට පැමිණ තොරතුරු විමසිමෙදි ඇය එම වතුයායෙම තරුණයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට එම වතුයායේ පදිංචි කිහිප දෙනෙකු විසින් තොරතුරු ලබා දීමෙන් අනතුරුව උරණ වු සැමියා එම සම්බන්ධතාවය නතර කරන ලෙසට බිරිදට බැන වැද ඇත.

දෙදෙනා අතර (16) දින පස්වරුවේ සිටම එම අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් බහින් බස්වීම් සිදු වී ඇති බවත්, පසුව ඇයව නිදි යහනේදිම තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අවුරුදු 30 වයසැති සැකකරු සහ අනියම් පෙම්වතා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

1 Comments

  1. අනියම් සැමියා අත් අඩංගුවට අරං මොනව කරන්නද ? ඌට චෑන්ස් එකක් හම්බ වුනා....ඉතිං ඌ ඒක ගත්ත.

    ReplyDelete
Previous Post Next Post