නොරොච්චෝල බලාගාරයේ ගල්අඟුරු අංගනය නිසි ලෙස කළමනාකරණය නොකිරීම සහ දේශපාලන අවශ්‍යතා මත ගනු ලැබූ තීරණ හේතුවෙන් රටට දිනකට රුපියල් මිලියන 54ක අතිවිශාල පාඩුවක් සිදුවෙමින් පවතින බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.
විෂය භාර අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉලක්ක කරගනිමින්, රටේ සැබෑ බලශක්ති අර්බුදය වසන් කිරීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.
ආචාර්ය රලපනාව පෙන්වා දෙන්නේ පසුගිය 8 වැනිදා රාත්‍රියේ බලාගාරයේ ජනන ධාරිතාව මෙගාවොට් 690 සිට 810 දක්වා හදිසියේ ඉහළ නැංවූ බවයි. ඒ සඳහා මෙතෙක් භාවිතයට නොගෙන තිබූ ගුණාත්මක භාවයෙන් ඉහළ රුසියානු ගල්අඟුරු තොගයක් යොදාගෙන ඇත.
අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පෙර විදුලි කප්පාදුව වැළැක්වීම හරහා දේශපාලන වාසියක් ලබා ගැනීම මෙහි එකම අරමුණ බව ඔහු සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය සහ අමාත්‍යාංශය අනුගමනය කළ වැරදි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දක්වන ඔහු, ජනන පිරිවැය අවම කර ගැනීමට තිබූ අවස්ථාවන් බලධාරීන් හිතාමතාම මඟහැර ඇති බව ප්‍රකාශ කරයි.
"මාර්තු මාසය දක්වා රුසියානු ගල්අඟුරු තොග පිරිමසා ගනිමින්, දහවල් කාලයේදී බාල වර්ගයේ ගල්අඟුරු ද සූර්ය බලශක්තිය අඩු වන රාත්‍රී කාලයේදී උසස් තත්ත්වයේ රුසියානු ගල්අඟුරු ද භාවිත කළේ නම්, දිනකට ඩීසල් ජනනයෙන් වැයවන රුපියල් මිලියන 54ක් ඉතිරි කර ගැනීමට තිබුණා," යැයි ඔහු පෙන්වා දෙයි.
බාල ගල්අඟුරු තොග ආනයනය කිරීමේ වංචාව වසන් කිරීම සඳහා අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් මත, ගුණාත්මක භාවයෙන් තොර ගල්අඟුරු සෘජුවම බලාගාරයට යෙදවීමට කටයුතු කිරීම නිසා සමස්ත ක්‍රියාවලියම අවුල් වී ඇති බවට ද හෙළිදරව් වී ඇත.
නොරොච්චෝල බලාගාරයේ පාලනය සම්බන්ධයෙන් ද ආචාර්යවරයා බරපතළ විවේචනයක් එල්ල කරයි.
අමාත්‍යවරයාගේ සමකාලීන මිතුරෙකු වන, වසර දහයකට අධික කාලයක් අංගන කළමනාකරු ලෙස කටයුතු කළ ඉංජිනේරු හේමන්ත නැමැත්තා බලශක්ති උත්පාදන සමාගමේ සභාපතිවරයා විසින් වැඩබලන බලාගාර කළමනාකරු ලෙස පත් කිරීම නීති විරෝධී බව ඔහු පෙන්වා දෙයි.
එම සමාගම භාණ්ඩාගාරයට අයත් පුද්ගලික සමාගමක් බැවින්, එවැනි පත්වීම් සිදු කිරීමට අමාත්‍යවරයාට හෝ සභාපතිවරයාට බලයක් නොමැති බවත්, එය ප්‍රධාන විධායක නිලධාරියා (CEO) සතු කාර්යයක් බවත් ඔහු අවධාරණය කරයි.
ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම වෙනුවට නිසි ගල්අඟුරු කළමනාකරණයක් තිබුණේ නම් ආර්ථිකයට ලැබෙන වාසිය රුපියල් බිලියන ගණනකි. මෙම අදූරදර්ශී තීරණ සහ දේශපාලන පත්වීම් හරහා රටේ බලශක්ති ක්ෂේත්රය අනතුරේ හෙළීම අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට ප්‍රමාණවත් කරුණක් බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මුං ටික නම් පන්නන්නේ නැතුව හරියන්නේ නෑ
ReplyDeleteලයිට් කැපුවාම ගෙදර ෆෑන් එක / ඒ. සී. එක නැවතුනාම, දාඩිය දාන කොට, තද වෙලා ගෝල්ෆේස් එකට දුවන් එනවද නැතිනම් එච්චර දෙයක් වෙනකම් ඉන්නේ නැතුව දැන්මම එලෝලා දානවද කියන එක විතරයි තීරණය කරන්න තියෙන්නේ
මුන්ට දැන් ගූ යනවා.
ReplyDeleteමුන්ට දැන් ගූ යනවා.
ReplyDeleteවැඩේ වැරදියි පවුලේ අය දාගන්න එපාය. මහින්ද යාපා කතානායක ඉන්නකොට පවුලේ නෑදෑයන් 37 දෙනෙක්ට තනතුරු දුන්නා. රාජපක්ෂලාගේ නෑදෑයෝ 747කට ටහතුරු දුන්නා. එහෙව් එකේ මුන් කරපු වැඩේ වැරදියි. මහින්ද හොරා ජනාධිපති ඉන්න කාලේ ජනාධිපති කාර්යාලේ වාහන 3421ක් පෙට්‍රල් සහිත. දැන් අලුත් බෙන්ස් 37ක් ආගිය අතක් නැහැ. මේ හිඟන්නෝ ජනාධිපතිකාර්යලේම පාවිච්චි කරන්නේ වාහන 31යි. ඉස්සර පාර්ලිමේන්තුවේ 7 කෝස් ආහාරයක්. මිල රු. 16000/=ක් විතර වෙනවා.මුන්ගෙන් කපන්නේ 250යි. දැන් රතු බත් එකට මාළු කරිය. හොරුන්ට මාර වැඩේ වුනේ
ReplyDeleteithurukarana ganenda takaran beduwa (1mn per takaran)
DeleteKo ara GALAPATHTHI PAxxx
ReplyDeleteI am on vacation.
Delete