ලංකා බැංකුව කොන්ත‍්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවයි.. ආපසු මුදල් ඉල්ලා පස්සෙන් යයි..


 ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් අදාළ නොවන පාර්ශවයන් වෙත වැරදීමකින් ප්‍රේරණය වී ඇති බව වාර්තා වේ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

පසුගිය 2024 දෙසැම්බර් 30 වන දින සිදු කරන ලද 'ස්ලිප්ස්' අරමුදල් හුවමාරු ගොනුවක සිදුවූ අනුපිටපත් දෝෂයක් හේතුවෙන්, 2026 ජනවාරි 23 වන දින රුපියල් 263,529,072.11ක මුදලක් බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් මෙලෙස බැහැර වී තිබේ.

බැංකුව විසින් අදාළ දෝෂය හඳුනා ගැනීමෙන් පසු එම අරමුදල් යළි කැඳවීමට කටයුතු කර ඇතත්, තවමත් රුපියල් 51,053,326.59ක මුදලක් අයකර ගැනීමට නොහැකි වී ඇත. 

මෙම මුදල් පහත සඳහන් වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන විවිධ ඉදිකිරීම් ආයතනවල ගිණුම් වෙත බැර වී ඇති බව බැංකුව පවසයි.

  • එන්.ඩී.බී. බැංකුව : සින්තා කන්ස්ට්‍රක්ෂන් 
  • සම්පත් බැංකුව: හිම්මා කන්ස්ට්‍රක්ෂන්, ආර්.එස්. ලංකා ඉංජිනියරින් සහ එම්.එම්.ආර්. කන්ස්ට්‍රක්ෂන් 
  • කොමර්ෂල් බැංකුව: රක්ෂි කන්ස්ට්‍රක්ෂන්, කාර්ෂිකා කන්ස්ට්‍රක්ෂන් සහ ඒ.ඩී. හේරත් ඉංජිනියරින් 
  • මහජන බැංකුව: ඒ.අයි. රමේෂ් සහ කාමරසිංහම් යන අයගේ ගිණුම් 
  • අමානා බැංකුව: ගාමා කන්ස්ට්‍රක්ෂන් 

මෙම අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා අදාළ ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර දෙන ලෙස ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා (මධ්‍යම මෙහෙයුම්) මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියි.

බැංකු පද්ධතියක මෙවැනි බරපතල දෝෂයක් සිදුවීම සහ වසරකටත් වඩා පැරණි ගනුදෙනු දත්ත පදනම් කරගනිමින් මෙලෙස මුදල් බැහැර වීම මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.

6 Comments

  1. Yako malima anduwa arinawa arillak loweth nethiwenna.

    ReplyDelete
    Replies
    1. Milion walinmai katawa

      lapayage takaran ganen hunduwe loss eka kiyanna pulwan


      BOC loss eka takaran 263

      Delete
    2. දැන් කාට හරි පඩයක් ගියත් මාලිමාව තමයි....

      Delete
    3. වෙනසකට තියෙන්නේ ඇස් ලොකුකකර parliament එකේ කියන්න එකෙක් නැහැ

      Delete
  2. පුනරුදේ උදාවෙලා මහ බැංකුව පිරිලා ඉතිරෙන්න සල්ලි තියෙනකොට දෙවාරක් නෙවේ තුන්පාරක් ගෙව්වම මොකෝ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Real)April 28, 2026 at 12:58 AM

      ඔව්, ඒක ඇත්ත. මේ මුදල මෙහෙම වැරදිලා ගෙවුණත්, ඩොලර් මිලියන 2.5ක් හොරකම් කලත් (මේවා රාජපක්ෂලා ගේ කුමන්ත්‍රණ හරහා සිදු වෙන දේවල් වෙන්ඩ පුළුවන්), හැබැයි රට වැටෙන් නෑ, වැටෙන්ඩ දෙන්නෙත් නෑ. ගෝඨාගේ කාලේ වගේ වෙන් නෑ.

      Delete
Previous Post Next Post