ඩොලරයට ලොකු බලපෑමක් ඇවිල්ලා.. පිටි මිල වැඩිකරන්න වෙනවා..


ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත පාන්පිටි තොගවල මිල ඉහළ යා හැකි බැවින්
, ඒ අනුව ඉදිරියේදී මිල සංශෝධනයක් පිළිබඳව සලකා බැලීමට සිදුවනු ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැනට මෙරට තුළ මාස තුනකට ප්‍රමාණවත් පාන්පිටි තොග පවතින බවත්, එම තොග සඳහා දැනට මිල වැඩි කිරීමක අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

කෙසේ වෙතත්, ඉදිරියේදී ඇණවුම් කර ඇති නව තොග ලැබීමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම සහ ඩොලරයේ අගයෙහි සිදුවන වෙනස්වීම් හමුවේ මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂය විසින් එල්ල කරනු ලබන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පවතින උත්සව සමය තුළ කිරිපිටි, කිරි ආහාර හෝ බිස්කට් වර්ගවල කිසිදු මිල වැඩි කිරීමක් සිදු නොවන බවයි.

උත්සව සමයේ ජනතාව මත පැටවෙන බර අවම කිරීම සඳහා රජය දැනටමත් ආනයනකරුවන්, කිරිපිටි, බිස්කට්, බේකරි නිෂ්පාදකයින් මෙන්ම සිමෙන්ති සහ යකඩ නිෂ්පාදකයින් සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බව ඔහු පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිතවලට බිලියන 1.5ක පමණ බලපෑමක් එල්ල විය හැකි බවට ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

සංචාරකයින්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවතියද, විදේශ ප්‍රේෂණවල අඩුවීමක් සිදුවුවහොත් එය ආර්ථිකයට තවදුරටත් බලපෑම් කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනතාව පීඩාවට පත් නොවන අයුරින් භාණ්ඩ හා සේවා සැපයීම සහතික කිරීමට රජය අඛණ්ඩව මැදිහත් වන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය

13 Comments

  1. ආ ඇත්තද, මතක නැද්ද, එහෙම කරන්න නම් ආණ්ඩුවක් ඕනද කියල අහපු සක්කිලි හිටිය කියල....

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න නම් ආණ්ඩුවක් ඕනද pakppppppppppppppppppp??????????????????????????????????????????????????

      Delete
  2. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 6:58 PM

    තිරිඟු වගා කරන්ඩ ලංකාවේ බෑ. තිරිඟු පිටි වලට ගෙවන්ඩ වෙන්නේ ඩොලර් වලින්, එතකොට ඩොලර් එකේ මිළ පාලනය කර ගන්ඩ නම් ඩොලර් වැඩිපුර නිකුත් කරන්ඩ වෙනවා වෙළඳපළට, අර ගෝඨාගේ කාලේ කලා වගේ කබ්‍රාල් කාරයා. එහෙම ගොං වැඩ නොකර, රටේ ආර්ථිකයට අවශ්‍ය තීන්දු තීරණ නිවැරදිව ගන්න උගත් බුද්ධිමත් අවංක නායකයන්ගේ ආණ්ඩුවට මඩ ගහලා වට්ටන්ඩ හීනෙන්වත් හිතන්ඩ එපා. වැටෙන්නේ ගොං කම් කලොත් විතරයි, එහෙමයි ගෝඨායි රාජපක්ෂ ජුන්ටාවයි බිමට සමතලා වෙලා දූවිලි වෙලා ගියේ. නාමල් ට ත් කිසි දවසක ගොඩ ඒමක් නෑ ඒ ගොංකම් වල සැර මතක තියෙන තාක් කල්. සිරිමා 77 පැරදිලා ගියාට පස්සේ ආපහු ඔලුව උස්ස ගත්තේ අවුරුදු 17 කට පස්සේ. ඒකම තමා නාමල් ට ත් වෙන්නේ. වර්ථමානයේ තියෙන සන්නිවේදන වීඩියෝ සාක්ෂි එක්ක, ඒ කාල සීමාව අවුරුදු 17ක් වගේ කෙටි කාලයක් වෙන් නෑ මේ පාර, මතකයන් අලුත් කරලා, රූප රාමු, පැහැදිලි කිරීම් එක්ක කොටස් වශයෙන් ඉදිරිපත් කරන්ඩ, චිත්‍රපටි හැටියට ඉදිරිපත් කරන්ඩ, කෙටි යූටියුබ් වීඩියෝ හැටියට එකතු කරන්ඩ කටයුතු සිද්ධ වෙයි. එතකොට ඉතින් නැඟිටීමක් නෑ මේ කපේකට.

    ReplyDelete
    Replies
    1. Let him see his wet dream

      Delete
    2. උගත් බුද්ධිමත් අවංක නායකයන්ගේ ආණ්ඩුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මතකයන් අලුත් කරලා, රූප රාමු, පැහැදිලි කිරීම් එක්ක කොටස් වශයෙන් ඉදිරිපත් කරන්ඩ, චිත්‍රපටි හැටියට ඉදිරිපත් කරන්ඩ, කෙටි යූටියුබ් වීඩියෝ හැටියට එකතු කරන්ඩ කටයුතු සිද්ධ වෙයි. එතකොට ඉතින් නැඟිටීමක් නෑ මේ කපේකට. 🤣🤣🤣
      උන් දූවිලි වෙලා ගියානන් ඇයි ප.ග. යො තොපි මේ කෙඳිරි ගාන්නෙ?
      පච නරියගෙ සායම්ටිකනම් හේදෙනව හැල්මේ.

      Delete
    3. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 7:42 PM

      ඇයි අහලා නැද්ද ප්‍රභාකරන් සැරයක් කිව්වා සිංහලයන්ට ඕන දෙයක් මතක සතියයි කියලා. ඒකයි මෙව්ව අලුත් කරලා දෙන්නේ, උඹට දැනටමත් අමතක වෙලා හැඩයි. ඒකයි මතක් කොරලා දෙන්නේ බොලල්ලා ඒ කාලේ කෙඳිරි ගගා, මදුරුවො මර මර, බඩ ගින්නේ, අව්වේ වේලී වේලී, වැස්සේ තෙමි තෙමී, තෙල් පෝලිම් වල ලැග්ග හැටි.

      Delete
    4. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 7:43 PM

      You may say I am a dreamer, but I am not the only one, I hope some day you will join us.

      Delete
    5. පතිරණ ගලප්පත්ති උඹ නම් ගාණක් හොයාගන්න ගෑනිව හරි විකුණන මෝඩ මූසලයෙක් බං...සරලවම එච්චරයි. තොගේ හාම්පුතාලා ඡන්දෙට ඉස්සෙල්ලා දාපු සිංහ ටෝක්ස් ඇත්තට කරගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්නේ.

      Delete
    6. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 9:18 PM

      ඩේසි ආච්චි විකුණපන්. සිරිලිය ගිණුමෙත් තියෙනවා. ඉල්ල ගනින්. උඹේ ගෑණි විකුණන්ඩ ඕන් නෑ.

      Delete
  3. මේ පතිරණ ගලප්පත්ති කියන්නේ රස්සාවක් වැඩක් පලක් නොකරණ මාලිමාවට කොමෙන්ට් දාන ඒක රස්සාවටම කරන කෙනෙක්ද? මෙයා හැම නිවුස් ඒකකටම මහා පණ්ඩිත කොමෙන්ට් දානවා. ඒ්කයි අහලා බලන්නේ. හැබැයි පතිරණ අර ඔයා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කළාය කියන වැඩ සේරම බොරු හොඳද? https://farmernet.lk/ වෙබ් සයිට් ඒක වැඩ නැහැ. අනෙක් ව්‍යාපෘති අති බහුතරයක් මේ වගේම බොරු. තවත් සමහරක් ඒ්වා පෙර පටන් පැවතෙන ඒ්වා.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 7:27 PM

      හැම පෝස්ට් එකකටම කමෙන්ට් දාන්නෙ මම නෙවේ, ඒත් හැමෝටම මේ "පතිරණ ගලප්පත්ති" නම අල්ලල ගිහින් තියෙන්නේ, සමහරු කුණු හරප දානව, සමහරු මෝඩ කථා ලියනවා, සමහරු භීෂණ කථා කියනවා, ඒ හැමෝම මේ නම කොපි කරලා, මට කරන්ඩ දෙයක් නෑ. අර එක උගත් මහත්තයෙක් කිව්ව විදියට මට රස්සාවක් තියෙනවා, ඒ රස්සාව ප්‍රංශෙ වැසිකිලි හෝදන එක කියලා තමා උන්නැහැ කිව්වේ. (උන්නැහැ කරන්නේ මගේ වැසිකිලිය හෝදන එක, ඒක උන්නැහැගේ රසාව).

      මම කිසිම බොරුවක් කියලා නෑ. කියපු ඕනෑම දේකට වගකීමෙන් බැඳී සිටිනවා වැඩිදුර විස්තර කිරීමට අවශ්‍ය නම්. (වෙබ් සයිට් ඩවුන් වෙන්ඩ පුළුවන්, පස්සෙ ට්‍රයි කරලා බලන්ඩ, බොරු ව්‍යාපෘති කිසිවක් කියලා නෑ, ඔව් කලින් ඉඳන් එන ව්‍යාපෘති දිගටම කරගෙන යනවා, ඒවා නවත්වන් නෑ, නතර කරන්නේ ඒ හරහා සිදු වුණ දූෂණ වංචා අක්‍රමිකථා විතරයි)

      Delete
  4. ගහගනින් පුතේ ඇතිවෙන්න ගහගනින්

    ReplyDelete
  5. ගහගනින් පුතේ ඇතිවෙන්න ගහගනින්

    ReplyDelete
Previous Post Next Post