තම තෙල් නිපදවන මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තය වෙත ඉරානය විසින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඉරානයට අයත් ලාවන් සහ සිරී දූපත්වල පිහිටි තෙල් පර්යන්ත වෙත මීට පෙර එල්ල වූ ප්‍රහාරයන්ට පළිගැනීමක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඉරාන බලධාරීන් තහවුරු කරයි.
වෙනත් පාර්ශවයන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරන Proxy ලෙස කටයුතු නොකරන ලෙස අබුඩාබි පාලනයට අනතුරු අඟවා ඇති ඉරානය, ඉදිරියේදී මෙවැනි ප්‍රහාර එල්ල වුවහොත් මීට වඩා දරුණු මිසයිල ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත.
මුල් ප්‍රහාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් Mirage 2000-9 වර්ගයේ ප්‍රහාරක යානා සෘජුවම සම්බන්ධ වූ බවට ඉරාන යුද හමුදා ආරංචි මාර්ග චෝදනා කරයි.
ලොව ප්‍රමුඛතම තෙල් ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන ෆුජයිරා ඉලක්ක වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති.
කෙසේ වෙතත්, මෙම ගැටුම්කාරී තත්ත්වයට තම කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම හදිසි යුදමය තත්ත්වය හේතුවෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව ඇත.

Kill Iran Pigs and send them to hell. We do not need them.
ReplyDeletelong live Iran & it's civilized people.
ReplyDeleteThe UAE has become an Israel proxy
ReplyDeleteBravo Iran ...... for courage to fight against Western Evils ...lik USA/JEWS
ReplyDeleteSri Lanka too must learn lessons from this. We should never allow any country to use our soil, especially Mattala as their war field. Now, US has stepped back from supporting Gulf countries. That is what Iran has been asking for....
ReplyDelete