පවතින මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙවසරේදී සියයට 4 දක්වා පහළ වැටෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) පුරෝකතනය කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා ඇලෙක්සැන්යන් මහත්මිය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, මෙම අර්බුදය දීර්ඝ කාලීනව පැවතුණහොත් ආර්ථික වර්ධනය තවත් සියයට 0.5ත් 0.8ත් අතර ප්‍රමාණයකින් පහත වැටිය හැකි බවයි.
අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙරට බලශක්ති සහ ආහාර මිල කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
විදුලිය සහ ඉන්ධන මිල ඉහළ යාම මත මෙවසරේ උද්ධමනය සියයට 5.2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැදපෙරදිග ගැටුම් දිගු වුවහොත් උද්ධමනය තවත් සියයට 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැක.
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය ජනවාරියේ පැවැති ඩොලර් 60 සිට ඩොලර් 110 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් වැය වන්නේ තෙල් සහ ගෑස් ආනයනය සඳහා බැවින්, මෙම මිල උච්චාවචනයන් ආර්ථිකයට තීරණාත්මක වේ.
බලශක්ති අර්බුදයට අමතරව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපා තිබේ. ඇලෙක්සැන්යන් මහත්මියට අනුව යූරියා මිල සියයට 50කින් සහ ඇමෝනියා මිල සියයට 40කින් ඉහළ ගොස් ඇති අතර, මෙය දේශීය කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට අහිතකර ලෙස බලපායි.
සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්මිනී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, ගුවන් සීමාවන් වසා තැබීම සහ ටිකට්පත් මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සංචාරක පැමිණීම සියයට 20කින් පහළ ගොස් ඇති බවයි. මාර්තු මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 185,000ක් පමණක් වන අතර එය රජයේ ඉලක්කයන්ට වඩා අඩු අගයකි.
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත පසුගිය මාසයේදී සියයට 3.5කින් පහළ වැටී ඇති අතර, ඉදිරියේදී විදේශ ණය සඳහා පොලී ගෙවීම් ආරම්භ වීමත් සමඟ තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය හැක. මෙරටට වැඩිම විදේශ ප්‍රේෂණ ලැබෙන්නේ මැදපෙරදිග කලාපයෙන් වන බැවින්, අර්බුදය හේතුවෙන් එම ප්‍රේෂණ සීමා වුවහොත් එය විදේශ සංචිත කෙරෙහි සෘජුව බලපානු ඇත.
රජය වාහන ආනයනය වැනි තාවකාලික ආදායම් මාර්ග මත පදනම් නොවී, ඉදිරි වසර සඳහා වඩාත් ස්ථාවර ආදායම් මාර්ග සොයා ගැනීමට කටයුතු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී අවධාරණය කළේය.

Kisi arbudayak natha. Mannarame thel tika gattha gaman olkoma hari. Naya okkoma gewala Singpporova vage vei. Kakulen adinne nathuwa tikak ivasanna.
ReplyDeleteEncourage the use of electric vehicles along with hybrid solar systems.
ReplyDelete