අඛණ්ඩව එල්ල වන ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ පවතින එකම න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවීමෙන් සමස්ත කලාපයම දැවැන්ත විකිරණශීලී ව්‍යසනයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අවධාරණය කරයි.
පසුගිය සෙනසුරාදා ඉරානයේ නිරිතදිග පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල වූ බවත්, එමගින් පිටවන විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් මුළු කලාපයේම ජන ජීවිත අනතුරේ වැටෙනු ඇති බවත් අමාත්‍යවරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන අතිශය භයානක ප්‍රහාර හමුවේ බටහිර ආණ්ඩුවල නිහඬතාව සහ උදාසීනත්වය විදේශ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. එහිදී ඔහු 2022 වසරේදී යුක්රේනයේ සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයට රුසියාව ප්‍රහාර එල්ල කළ බවට එල්ල වූ චෝදනා හමුවේ බටහිර රටවල් දැක්වූ දැඩි විරෝධය සිහිපත් කර දුන්නේය.
"යුක්රේනයේ සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරය අසල සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් බටහිර ලෝකය දැක්වූ කෝපය ඔබට මතකද? ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ වන විට අපගේ බුෂෙහර් බලාගාරයට සිව් වතාවක් බෝම්බ හෙළා තිබේ. මෙහි විකිරණශීලී බලපෑම තෙහෙරානයට නොව, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල අගනගරවල ජීවිත විනාශ කර දමනු ඇත," යනුවෙන් අරග්චි පෙන්වා දුන්නේය.
පසුගිය සෙනසුරාදා ඉරානයේ පෙට්රොකෙමිකල් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මෙන්ම, පාලම්, වානේ කර්මාන්තශාලා ඇතුළු සිවිල් යටිතල පහසුකම් වෙත එල්ල වන ප්‍රහාර මගින් ඇමරිකානු-ඊශ්‍රායල ආක්රමණයේ සැබෑ ස්වරූපය නිරාවරණය වන බව ඉරානය පවසයි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඉරානයේ ආර්ථික සහ සිවිල් ශක්තිය දුර්වල කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි අගභාගයේ සිට ආරම්භ වූ මෙම ආක්‍රමණශීලී ප්‍රහාර හමුවේ ඉරානය ද දැඩි ප්‍රතිචාර දක්වමින් සිටී. පර්සියානු ගල්ෆ් සහ බටහිර ආසියානු කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත මෙන්ම ඊශ්‍රායල පාලනයේ පවතින ප්‍රදේශ වෙත ද ඉරානය ප්‍රහාර එල්ල කර ඇත.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ඉරානය දැඩි සීමාවන් පනවා තිබීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ආක්‍රමණිකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉරාන බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.

Ane lajjai yako.. Umbala issara anith ewunta banala dan.. bana kiyanawa. Ane _uke.
ReplyDeleteStop closing down Homus you idiots and stop your islamic fundamentalism .Let people of Iran live without your Shariya bulshit they dont want it .
ReplyDeleteDo you live in another planet? You threat the innocent and stand with the aggressor? what a shame.
Deleteමෙවන් ප්‍රහාර වහාම වැලැක්වීමට බටහිර පාහරයන් දැන්වත් ක්‍රියා කල යුතුය. එසේ නොකරන්නේ නම් දෙවියනි, ඔවුන්ටත් එහි විපාක ලැබේවා!
ReplyDeleteඇමරිකාවටයි ඊශ්‍රායලයටයි හොඳම එකෙන් කෙල වෙලා ඉන්නේ. ට්‍රම්ප් මෝඩයා නෙතින්දයානුගේ ලණුව කෑවා. නෙතින්දයානු කපටියා. ඌ පොරොන්දු දේශයක් පෙන්නලා ඡන්දෙ කල් දා ගන්නවා යුද්ධ පටලවාගෙන. ඌට ඡන්දයක් එන්න තිබ්බේ මීට අවුරුදු 2කට කලින්. ඊශ්‍රායලේ නැත්තටම නැති උනත් ඌට ගානක් නැහැ. ඌට ඕන බලයේ ඉන්න. එච්චරයි. ලංකාව වගේ මෝඩ බටහිර ගැති පරයො රැවටුනාට ඕවට බටහිර රටවල් වල ඉන්න බුද්ධිමත් මිනිස්සු විරුද්ධයි. යුරෝපා රටවල් කෙලින්ම ඇමරිකාවට මේකෙදි විරුද්ධ වෙන්නෙ ඒකයි. බ්‍රිතාන්‍ය පවා මේ යුද්ධෙට විරුද්ධයි. මහ පාහර අමන යුද්ධයක් මේක. ඉරානේ හිටියේ අහිංසක මිනිස්සු. උන්ව අවුස්ස ගත්ත කියන්නේ ලේසි වෙන්නෙ නැහැ. මේ යුද්ධෙදි දෙවියන් වත් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ක නැහැ.
ReplyDelete