ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාවට සහය දීම නේටෝ සංවිධානයේ මිත්‍ර රටවල් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තීරණයත් සමඟ අත්ලාන්තික් මිත්‍ර සබඳතාවල දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වී ඇති බව වාර්තා වේ.
සති හයක් පුරා ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කරගැනීමට පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අදාළ මුහුදු මාර්ගයේ සියලුම නාවික ගමනාගමනය අවහිර කිරීම සඳහා අමෙරිකානු හමුදාව සෙසු රටවල් සමඟ එක්ව කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, අමෙරිකානු හමුදාව පසුව නිශ්චිතව සඳහන් කළේ මෙම තහනම බලපැවැත්වෙන්නේ ඉරාන වරායන් වෙත යන හෝ එතැන් සිට පැමිණෙන නෞකාවලට පමණක් බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ගැටුම්වල සිට ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය සිය පාලනයට නතු කරගෙන සිටින අතර, එය ස්ථිර කරගනිමින් එම මාර්ගය භාවිත කරන නෞකාවලින් බදු අය කිරීමටද ඔවුන් උත්සාහ කරමින් සිටියි.
"වැඩි කල් නොගොස් මෙම අවහිර කිරීම ආරම්භ වන අතර, ඒ සඳහා සෙසු රටවල්ද එක්වනු ඇත," යනුවෙන් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.
එහෙත් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු ප්‍රධාන නේටෝ සාමාජිකයන් අවධාරණය කරන්නේ තමන් මෙම ගැටුමට සෘජුව මැදිහත් නොවන බවයි.
ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන මෙම වැදගත් මුහුදු මාර්ගය යළි විවෘත කිරීම සඳහා තමන් ස්වාධීන වැඩපිළිවෙළක් සකස් කරන බව එම රටවල් පවසයි. බ්‍රිතාන්‍ය අගමැති කයිර් ස්ටාර්මර් බී.බී.සී. පුවත් සේවයට පවසා සිටියේ කොතරම් බලපෑම් එල්ල වුවද තම රට මෙම යුද්ධයට ඇද දමා ගැනීමට ඉඩ නොදෙන බවයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ සෙසු රටවල් සමඟ එක්ව බහුපාර්ශ්වික මෙහෙයුමක් සංවිධානය කරන බවයි.
"මෙම මෙහෙයුම තනිකරම ආරක්ෂක පියවරක් වන අතර ගැටුම් පවතින පාර්ශවයන්ගෙන් ස්වාධීන වනු ඇත," යැයි ඔහු සඳහන් කළේය.
මෙම නව මෙහෙයුම සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සඳහා ඉන්දියාව, ගල්ෆ් රටවල්, ඉතාලිය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් 30 ක පමණ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක් ලන්ඩනයේදී හෝ පැරිසියේදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් විසින් දැනටමත් නාවික අවහිරතාවයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, යුරෝපීය රටවල මෙම ස්වාධීන මැදිහත් වීම ඔහු පිළිගනු ඇත්දැයි සැකයක් මතුව ඇතැයි විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
මේ අතර තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිඩාන් ප්‍රකාශ කර ඇත්තේ හෝර්මුස් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු බවයි.
එළඹෙන ජූලි මාසයේදී අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ සමුළුවේදී ට්‍රම්ප් සමඟ පවතින සබඳතා යළි සාකච්ඡාවට බඳුන් කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

Leuke Mathindu Ei thaniyama wela madde.
ReplyDeleteමේකේ ඇත්තම කතාව තමයි සමහර යුරෝපීය රටවල පාලකයින් ඉස්ලාම් ආගමේ හිරකාරයින් වීම.
ReplyDeleteසරණාගතයෝ විදියට ගිය ඉස්ලාම් ජනගගනය වේගයෙන් වැඩි වුනා.
දැන් ඔය කියලා තියෙන රටවල වාමාංශික ආණ්ඩු පිහිටුවන්නේ ඉස්ලාම් ජනගහනයේ ආධාරයෙන්.
ඒ නිසා තමයි යුරෝපා පාර්ලිමේන්තුවේදී ඉස්ලාමයට වැට බඳින පනතක් සම්මත වෙන්නේ.
ඒක සම්මත කරගත්තේ ඉරානය යුද්ධ කරන්න ගිහින් දුර්වල වුන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන.