2026.04.08 වන දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අනර්ථය සිදුකර ඇති බවට පිටකොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් 2026.04.11 වන දින එම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුව ඇති අර්නථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාතාවක් කැඳවීමට නියමිතව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.04.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එයා පොහොට්ටුවෙ කෙනෙක් කියල හොයා ගත්තද?
ReplyDelete100%
DeleteTawath ekk pohottuwe hutthige puthek .. (kalu katha kota sinhala kukulek )
ReplyDeleteසැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නමුත් ඔහු කතරගම වන්දනාවේ යන අවස්ථාවලදී තංගල්ලේ පහිටි කාල්ටන් නැමති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවස දෙස බලා ඇති බව දැනගන්නට ලැබී ඇත.
ReplyDeleteඑයට අමතරව ඔහුගේ නිවසේ තිබී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තුර සහිත පැරණි ප්‍රවුර්ති පත්‍ර ගණනාවක් සොයාගෙන තිබේ. ඔහුගේ සීයා හම්බන්තොට පළාතේ සේවය කර ඇති අතර හෙතෙම රාජපක්ෂ ආණ්ඩු සමයේ තංගල්ල ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් පැදවීමේ රැකියාවක් කල බවද සොයාගෙන ඇත.
මේ අනුව මෙම කරාම ගැලවීමේ සිද්දිය නාමල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෙක් විසින් කර ඇති බව සමීක්ෂණ වාර්තා මගින් සොයා ගත යුතු බවට පරීක්ෂණ කරන කණ්ඩායමට පූර්ව නියාමකයක් වශයෙන් නිර්දේශ කොට ඇත.
😝🤪🤩😇
DeleteBrilliant
DeleteRakapakshalage asichi bidina wajallu
ReplyDelete