හැකර ගිණුමට සල්ලි දැම්මේ මියගිය නිලධාරියාලු... මරණයෙන් හැකර පරීක්‍ෂණයට බධා..


 භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ, දැනට සේවය අත්හිටුවා සිටි රංග රාජපක්ෂ මහතා සිය නිවසේ ගෙවත්තේදී අභිරහස් ලෙස මිය යාම අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වැටී සිටි රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රථමයෙන් දැක ඇත්තේ ඔහුගේ දියණියයි. ඇයගේ දැනුම්දීමෙන් පසු පවුලේ සාමාජිකයන් විසින් පොලීසියට තොරතුරු ලබා දී ඇත.

පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී, ගෙවත්තේ කෙසෙල් පඳුරක් ආසන්නයේ විශාල ලේ පැල්ලමක් සහ මළසිරුර අසල තිබී කුඩා පිහියක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් නිරීක්ෂණය වී ඇති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න තහවුරු කරගැනීම සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී.

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහු නම් කර තිබුණි.

හැකර්වරුන් විසින් එවනු ලැබූ ව්‍යාජ ඊමේල් පණිවුඩවලට මුල්වරට ප්‍රතිචාර දක්වා ඇත්තේ මොහු බවත්, ඔහුගේ නොසැලකිලිමත් භාවය මත අදාළ මුදල් විදෙස් ගිණුමකට බැරවී ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ඔහු දූෂිත නිලධාරියෙකු බවට තහවුරු වී නැතත්, සේවයේ සිටියදී සහ වැඩතහනමට ලක්වූ පසු අවස්ථා තුනකදී CIDය හමුවේ පෙනී සිට ඇත. පරීක්ෂණ සඳහා ඔහුගේ පුද්ගලික පරිගණකය ද භාරයට ගෙන තිබුණි.

මියගිය නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ අතර, වැඩතහනමට ලක්වීමෙන් පසු ඔහු දැඩි මානසික පීඩනයකින් සහ සිත්තැවුලෙන් පසුවූ බව පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පොලීසිය පවසයි.

මෙම අභිරහස් මරණය, ඩොලර් මිලියන ගණනක අස්ථානගත වීම පිටුපස සිටින සැබෑ වගකිවයුත්තන් සෙවීමේ මෙහෙයුමට බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

7 Comments

  1. වෙච්ච හොරකම මේ නැතිවෙච්ච මිනිහාගේ ඇඟේ ගහලා අත හෝදගන්න ලෑස්ති වෙන්න එපා ජේවීපී පරයෝ,වල් බල්ලෝ

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙනම් පාස්කු ප්‍රහාරය උඹලා මැරිච්ච සහ්රාන් ගේ ඇඟේ ගහන්ඩ හදන්නේ උදේ දවල් රෑ නැතුව.

      Delete
    2. ඔහු තනි මිනිහෙක්. ඔහුට මෙහෙම වගකීම පවරන්න බෑ මෙතැන කි දෙනෙක් ඉන්නවා ද. මෙක තනිකරම ඔහුව මානසිකව බියට පත් කරලා කරපු අපරාධයක් වෙන්න පුළුවන්
      සමහර විට අපරාධ කාරයෝ ඔහුට තර්ජනය කර වෙන්න පුළුවන් මෙහෙම කර ගනින් නැතිනම් පවුලම මරණව කියලා කවුද දන්නේ? කට ද මෙවා කියන්නේ.දුව ට උනත් සාක්ෂි මෙහෙම කියපන් නැතිනම් උඹලා ඔක්කොම මරණව කියලා කිව්වා ද කවුද දන්නේ.?මිනිහෙක්ට තමුන්ගේ අත සහ ක‍කුල කපා ගන්න ලෙහෙසියෙන් බෑ

      Delete
    3. මේවගේ ලොකු මුදලක් යවන්න පෙර එය නිවැරැදියි ද කියලා බලන්න තවත් කිහිප දෙනෙක්ට ඒ ගිනුම් check කරන්න අදාළ සංවිධානයට telephone මගින් කතා කර අදාළ බැංකු නොම්මර තහවූරු කරගන්න ඕන නේද?
      නේද? ඔය ඉන්න ලේකම් කියන මිනිහා කලේ මොකද්ද ?ඒවා ගෙ ආරක්ෂිත විඳි ගන්න කියන්න ඌට මොල යක් තිබුණේ නැද්ද?
      වහාම ඉල්ලා අස් වෙයන් ගෙරි බල්ල

      Delete
  2. Is this the system developed in central bank.

    A single person's mistake can it make the People) this lost.

    Where are the higher officers, who have the responsibility to create a system which

    will not make the weakest link bear the lost

    ReplyDelete
  3. Dye mayinaage guu balakaaya iiyee Sugishwarata guu gahuwaa, ada mera balakaaya muuta wadee dunna.
    Chande dun obata den sepadaa?

    ReplyDelete
  4. අනුර කුමාර ටිල්වින් ආදී පඩත්තල මිනීමරුවන්ගෙ ගේම ඕකයි. ඕකුන් ගුරු හරුකං ගන්න චීන්නු කොරන්නෙත් ඔය වගේම මිනීමැරුම් උන්ගෙ හොරකං වහගන්න.

    ReplyDelete
Previous Post Next Post