රජයේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අතිශය බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැය තුනකට අධික කාලයක් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එහිදී හෙළි වී ඇති වැදගත්ම කරුණක් වන්නේ පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ කිසිදු සොයා බැලීමකින් හෝ විමර්ශනයකින් තොරව අවස්ථා 10කදී මෙම මුදල් ප්‍රශ්නගත ගිණුමට බැර කර ඇති බවයි.
මෙම ගෙවීම් දහයෙන් එකක්වත් අදාළ පාර්ශවයට ලැබී නොමැති බවත්, ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බවත් රජය සෘජුවම දැනගෙන ඇත්තේ මාර්තු මාසයේදීය.
මෙම ගෙවීම් සම්බන්ධයෙන් මුලින්ම "රතු කොඩි" එසවී ඇත්තේ ජනවාරි මාසයේදී වුවද, ඉන් පසුවද ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමුඛතාවය පිළිබඳ ගැටලු මතු වී තිබේ.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් දැනුම් දෙන තෙක් මෙම ගෙවීම් අදාළ පාර්ශවයට ලැබී නැති බව මෙරට බලධාරීන් දැන නොසිටීම බරපතළ ගැටලුවක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට භාණ්ඩාගාරයේ අලුත් ආයතනයක් වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේ පවතින පද්ධතිමය හිඩැස් උපයෝගී කර ගනිමින් වංචාකරුවන් මෙම මුදල් සොරාගෙන ඇති බවට හඳුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විමර්ශන සිදුවන අතර, රාජ්‍ය මුදල් කාරක සභාව ලෙස තමන් අවධානය යොමු කරන්නේ මෙවැනි වංචාවක් සිදුවීමට ඉඩ සැලසූ නීතිමය සහ ක්‍රියාපටිපාටියෙහි පවතින දුර්වලතා පිළිබඳව බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත්, අවසානයේ එම බර දැරීමට සිදුවන්නේ මෙරට බදු ගෙවන ජනතාවට බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
මේ පිළිබඳව සියලු සාක්ෂි සහිත සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියෝග කර තිබේ.

ෂුවර් එකටම මහඑවුනුත් මේකට සම්භන්ධ ඇති. එහෙම නැතිව මෙච්චර විශල හොරකමක් කරන්ඩ කොහෙත්ම ඉඩක් නෑ.
ReplyDeleteඔය ක්‍රමයටම ලාල්ටයි විජ්ජරතනටයිත් ගෙවල් හදාගන්න සල්ලි යවල තිබේද?
ReplyDeletePelawattata gihilla dye mainata pukee ariyanam hoyaganna thibuna salli tika okkoma.
ReplyDeleteOya ponnaya 88/89 kaale rail paare dangahala puka diila thamayi jiiwithee beeragaththe
මාලිමාවෙ හොරු මහා භාණ්ඩාගාරය මංකොල්ල කනවා. උන්ට ඡන්දය දුන්න 68 ලක්ෂය පාඩුව බෙදාගනිල්ලා. අපෙන් ගන්න එපා.
ReplyDeleteමාලිමාවෙ හොරු මහා භාණ්ඩාගාරය මංකොල්ල කනවා. උන්ට ඡන්දය දුන්න 68 ලක්ෂය පාඩුව බෙදාගනිල්ලා. අපෙන් ගන්න එපා.
ReplyDeleteමෙකට තනිකරම වග කියන්න ඕන ජනාධිපති ඔහු තමයී ශ්‍රී ලංකා මහා බැංකු ව යටතේ තිබුණු මේ ණය ගෙවිමේ ඒකකය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ.තිබුණු විඳියටතිබුණා නම් ඉවරයි නේ.මෙපමණ කාළයක් මහා බැංකුවෙන් මේ රාජකාරිය හරියට සිදු කරා නේ එහෙනම් ඇයිමේ රාජකාරිය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ?මොකද්ද උවමනාව? අන්න එක තමයී ජනතාවට තිබෙන ප්රශ්නය..මෙකට උත්තර දෙන්න.දැන් මෙකට පලවෙනි බිල්ල ගත්තා දැන් ඔය හැමෝ ගෙම අත්වල ලේ
ReplyDeleteමෙපමණ කාළයක් මහා බැංකුවෙන් මේ රාජකාරිය හරියට සිදු කරා නේ එහෙනම් ඇයිමේ රාජකාරිය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ?
Deletebig kuchchan
දැන් අර කොටා පාර්ලිමේන්තුවට ඇවිත් පැය ගානක් බේගල් ඇද බාලා යයි. එතකොට ප්‍රශ්න ඉවරයි
ReplyDelete