රජයේ බලශක්ති පිරිමැසුම් ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සැලකිල්ලට ගනිමින්, දිවයිනේ සියලුම පොලිස් බලප්‍රදේශවල අනවශ්‍ය ලෙස දල්වා ඇති විදුලි පහන් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර තිබේ.
ඒ අනුව, පොලිස් වසම් තුළ ඇති වීදි ලාම්පු සහ වෙළඳ ප්‍රදර්ශන පුවරු සඳහා භාවිත කරන විදුලි බල්බ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සියලුම ස්ථානාධිපතිවරුන්ට සහ උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මීට පෙර අප්‍රේල් 02 වැනිදා ලබා දුන් නියෝගයකට අනුව පොලිස් ස්ථාන මට්ටමින් සපයා තිබූ දත්ත වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳව පොලිස්පතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබේ.
එම වාර්තා සෑහීමට පත්විය නොහැකි මට්ටමක පැවතීම හේතුවෙන්, මෙවර එක් එක් ස්ථානය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන සවිස්තරාත්මක ලේඛනයක් ලබාදීම අනිවාර්ය කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, සිය නිත්‍ය රාජකාරිවලින් බැහැරව, විදුලි කණු සහ නාමපුවරු පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පසුගිය දින කිහිපය පුරා නිලධාරීන් රැසක් යොදවා තිබිණි.

Gal Anguru pramithiya balanda policiyen damma nam mehema wenne na.
ReplyDelete88/89 බීශනේ ලගයි වගේ
ReplyDeleteඉස්සර නම් ඔවාගෙ දේවල් වලට පොලිසිය හමුදාව යොදවගන්නකොට ලොකු ටොක්ස් දුන්නා.
ReplyDeleteපොලීසියට කරදර නොකර 88/89 වගේ ලයිට් නිමපියව් කියලා තුංඩු කෑලි බෙදුවා නම් වැඩේ ලේසියි
ReplyDeleteහැබැයි ඒ කාලෙත් අපි ජනෙල් වලට බෙඩ් ශීට් එල්ලලා ගේ ඇතුලේ ලයිට් දා ගෙන හිටියා
ඔයිට වැඩිය ලේසියි 88/89 කාලයේ වගේම චිට් බෙදුවා නම්.
ReplyDeleteWell said ...coming colours no good ...........!
Deleteමල මගුලයි කොස්සො කියයිද දන්නේ නෑ රෑට ලයිට් නිමාගෙන වාහන පැදපල්ලා කියලා. කොස්සො කියන්නේ ඒ වගේ ජාතියක්නේ.
ReplyDeleteමෙව්වනෙ යකෝ ආණ්ඩු කලින් රිලව් ගනන් කරා දැන් බලුප් ගනන් කරනවා
ReplyDelete