මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාදයක්.. රජයේ රැකියාව නොකර අත්සන් කර වැටුප් ගනී..

 


හැටන් දික්ඔය නගර සභවේ පාලක පක්ෂයට සහයෝගය දැක්විමට ජාතික ලයිස්තුවෙන් තේරි පත් වූ එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ කම්කරුවෙකු වශයෙන් පත්වීම් ලබා සිටින නාගරික මන්ත්‍රීවරයෙකු සේවයට අදාල කිසිදු රාජකාරියක් නොකර පෞද්ගලික වැඩ කටයුතුවල නියැලෙමින් රජයේ වැටුප් ලබන බව එම නගර සභාවේ සේවකයින් චෝදනා කර සිටියි.

එම සේවකයා ජාතික ලයිස්තුවෙන් නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස පත් වීමෙන් අනතුරුව හැටන් දික්ඔය නගර සභාවේ පාලන අධිකාරිය විසින් එම සේවකයාව කොටගල ප්‍රාදේශීය සභාවට අනියුක්ත කර ඇත.

කොටගල ප්‍රාදේශීය සභාව ලංකා කම්කරු කොංග්‍රසයේ පාලනය යටතේ පවතින නිසා එම කම්කරුවාව කොටගල ප්‍රාදේශිය සභාවට අයත් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ සේවය සදහා යොදවා එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පූර්ණ සහයෝගය මත එම නාගරික මන්ත්‍රීවරයා කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොකරන බවයි එම නිළධාරියා කියා සිටියේ.

එම සේවකයාට ඇතැම් දිනවල කොටගල ප්‍රාදේශීය සභාව වෙත ගොස් පැමිණීමේ ලේඛණයේ අත්සන් කරන බවත්, එසේ අත්සන් කර ඔහු ප්‍රාදේශීය සභාවෙන් පිටව යන බවයි එම ප්‍රාදේශිය සභාවේ නිළධාරියෙකු කියා සිටියේ.

එම සේවකයා හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන නිසා ඔහුට රැස්වීම් පැවැත්වෙන දිනට අදාළ දිනයට පමණක් රාජකාරි නිවාඩු ලබා දෙන බවත්, එම නාගරික මන්ත්‍රීවරයා දේශපාලන බලය අතට ගෙන ප්‍රාදේශිය සභාවේ පාලන අධිකාරියද මායිම් නොකර රාජකාරි දිනවල ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතුවල නියැලෙන බවයි එම නිළධාරියා කියා සිටියේ.

පවත්නා තත්වය මත කොටගල ප්‍රාදේශීය සභාවේ නිළධාරින්ද අසීරුතාවට පත් වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් තම ප්‍රාදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද තමන්ගෙන් කරුණු විමසන බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාන්ත් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා යටතේ එම නාගරික මන්ත්‍රීවරයා සේවය කරන බවත්, ඔහුගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ පිලිබදව සොයා බලන බවයි.

රංජිත් රාජපක්ෂ   

2 Comments

  1. Even the parliamentary MPs do not attend sessions.

    ReplyDelete
  2. අගමැතිනිය කියනවා සාම පා ගමනලු.හැබැයි අනුරාධපුරයෙන් උඩට යන්නේ නැහැ.මොකද අනුරාධපුරයෙන් උඩට ගියොත් වෛරය නේ පතුරවන්නේ? මොකක්ද අපි අතර යන සාම පා ගමන? උතුරයි දකුණ යි අතර නේ සාම පා ගමන යන්න ඕනෑ? දැන් අපිටසාම පා ගමනක්වත් අනුරාධපුරයෙන් උඩට යන්න බැහැ.ඒ හාමුදුරුවරැ සුමාන ගාණක් මහා ශිතල ප්‍රාන්ත ඔස්සේ ගියා ඇමෙරිකාවේ.දැන් අපි හුණ්ඩුවක් කීවා හරි නේද?

    ReplyDelete
Previous Post Next Post