පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ අනවසරයෙන් ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා අද (16) උදෑසන අත්අඩංගුවට පත්විය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එහිදී අදාළ නිවස තුළ සඟවා තිබූ T-56 ගිනිඅවි සඳහා භාවිත කරන පතොරම් ගැබ් (Magazines) දෙකක්, ජීව පතොරම් 221 ක්, එක් අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
