කුමාර ජයකොඩි ජවිපෙ හෝ මාලිමා නොවේ.. ඔහු අනුරගේ කොමිස් කාක්කායි.. ලයිස්තුවෙන් ගත්තේ හොරකම් කරන්නමයි..

 


ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු නොවන බවත්, ඔහු ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් ඇමති ධුරයක් ලබා දුන්නේ සොරකම් කිරීම සඳහාම පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ, 2004 වසරේ සිටම කුමාර ජයකොඩි මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "කොමිස් කාක්කා" ලෙස කටයුතු කර ඇති බවයි.

2004 වසරේදී අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී, කුමාර ජයකොඩිව ලංකා පොහොර සමාගමේ සභාපති හෝ අධ්‍යක්ෂ ධුරයකට පත් නොකර "මිලදී ගැනීමේ කළමනාකරු" ලෙස පත් කළේ කොමිස් ගැසීමේ අරමුණින් බව ගම්මන්පිල මහතා මෙහිදී අනාවරණය කළේය.

එම තනතුර හරහා විශාල ගනුදෙනු සහ කොමිස් ලබා ගැනීමේ හැකියාව පැවැති බවත්, ඔහු එදින සිටම ජනාධිපතිවරයාගේ සමීපතම ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය යටතේ කුමාර ජයකොඩි මහතාව ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් මෙරට විශාලම අමාත්‍යාංශය වන බලශක්ති අමාත්‍යාංශය ලබා දුන්නේද මෙවැනිම සොරකම් සිදු කිරීමට බව හිටපු ඇමතිවරයා චෝදනා කරයි.

මෙම අඟුරු ගනුදෙනුව සම්බන්ධ වංචාව ජවිපෙ හෝ මාලිමාවේ සොරකමක් නොව, කුමාරවරුන් දෙදෙනෙකුගේ පෞද්ගලික සොරකමක් බව ඔහු පෙන්වා දෙයි.

මෙම වංචාව සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් අක්‍රමිකතා තහවුරු කර ඇති බැවින්, එය ජාතික ජන බලවේගය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ඇති බව ගම්මන්පිල මහතා පවසයි.

මේ හේතුවෙන් අගමැතිනි හරිනි අමරසූරිය සහ සභානායක බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් කුමාර ජයකොඩි මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට හෝ ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටි බවද ඔහු සඳහන් කළේය.

පක්ෂය විසින් ගොඩනගාගත් හොරකමට එරෙහි ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් උත්සාහ කළද, ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා අතර පවතින සමීප සම්බන්ධතාවය මත ඔහුව ඉවත් කිරීමට ජනාධිපතිවරයා මුලදී මැලි වූ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම අභ්‍යන්තර ගැටුම හේතුවෙන් ජනාධිපතිවරයා සහ බිමල් රත්නායක මහතා අතර දරුණු මත ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලය බිමල් රත්නායක මහතා වෙත ගොනු වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

Previous Post Next Post