ත‍්‍රිකුණාමල තෙල් ටැංකි, ඉන්දියාවෙන් තෙල් නලය, විදුලි කේබලය කඩිනම් කරන්න..- ඉන්දියා දන්වයි..


ඉන්දියාවේ සහයෝගිතාව ඇතිව ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කරයි
.

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ දෙදින නිල සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම මෙරට බලධාරීන්ට පෙන්වා දීමට මෙම සංචාරයේදී අවස්ථාව ලැබුණු බව විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේය.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ඡා පැවැත්වෙන අතර, එහි මූලික අදියර 2023 වසරේදී ආරම්භ විය.

මෙය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

පළමු අදියර යටතේ දකුණු ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඊට සමාන්තරව තෙල් ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත.

දෙරට අතර විදුලි ජාලකරණ සම්බන්ධතාවක් ඇති කිරීමේ යෝජනාව මගින් දෙරටේම ආර්ථිකයන්ට සෘජු හා වක්‍ර වාසි අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතියේ සංකීර්ණභාවය හේතුවෙන් එය අවසන් කිරීමේ නිශ්චිත කාල රාමුවක් පිළිබඳව මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති වුවද, මේ සඳහා තවදුරටත් කාලය නාස්ති නොකළ යුතු බව වික්‍රම් මිස්රි මහතා පෙන්වා දුන්නේය.

සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ඉන්දීය රජය ලබාදී ඇති මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතා ව්‍යාපෘති හයක් සඳහා වන අවබෝධතා ගිවිසුම් අවසන් කිරීමට මෙම සංචාරයේදී හැකිවී තිබේ.

ඉන්දීය උප ජනාධිපතිවරයා අද (20) නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

7 Comments

  1. ඉන්දීය ව්‍යාප්තවාදය ගැන නරි වාදන් ගහලා හැටදාහක් කොල්ලෝ කෙල්ලෝ මාරුව පැලවත්තේ වසලයෝ සෙට් එක කෝ.. කාලකන්නි පර හැත්ත.. දැන් ගහපියව් ගිවිසුම් පිට ගොවිසුම්.. අනුර වගේ ගොන් පකයෙක් බලේ ඉන්න එක ඉන්දිආවට හෙනම වාසි .. ඊට පස්සේ අර නාමල් කියන ගොන් පකයා මේකට දායි .. එකටත් මොලේ හසරක් නැති පාදඩ ක්‍රිප්ටෝ හොරෙක් ... ඊට කලින් මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් කරපියව් බොලව් ...

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව ගෙදර යන්නේ මව්බිම නැත්නම් මරණය කියලා ජීවිත අහිමි කර ගත් තරුණ තුරුණියන්ගේ ආත්ම වල ශාපය වැදිල ම යි

      එහෙව් පාවා දීම් නෙමෙයි මුං කරන්නේ - බලයේ ඉඳීම වෙනුවෙන්

      Delete
  2. ඉන්දීය ව්‍යාප්ත වාදය, ඒ මොකක්ද අප්පා.

    ReplyDelete
  3. මහින්ද මේ වගේ අවස්තා ඉතා බුද්දිමත්ව කලමනාකරණය කලා. ඉක්මනින් නාමල් නොආවොත් රට ඉවරයි.

    ReplyDelete
    Replies
    1. Ane da kiayanne...Api enakan balagena inne ..Ayeth Brei Lake eke nawanna...Buru Bayyo

      Delete
  4. ප්‍රබාකරන් ට ගේම් එක දෙන්න මහින්ද ඉන්දියාව balance කරපු හැටි ආදර්ශයට ගන්න.. බොරුවට මහින්ද ට බැන බැන ඉඳලා වැඩක් නෑ.. JR, රනිල් චන්ද්‍රිකා අනුර ඔක්කොම ඉන්දියාවට බය වුනා නේ... ගොබ්බ රනිල් වාදියෝ හිතන් ඉන්නේ රනිල් ඇවිත් කොරයි කියලා...

    ReplyDelete
    Replies
    1. Naaki mayna korapu magulak ne. Indiyawatama oona wela thama kotiyata gema dunne. danna magulak kiyawan hitapan

      Delete
Previous Post Next Post